සාමාන්‍ය තත්වයක් යටතේ රට පවත්වාගෙන යෑමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔහු මෙසේ කියා සිටියේය…

‘‘නව සාමාන්‍ය තත්ත්ව යටතේ රට පවත්වාගෙන යාමේ ක්‍රියාවලිය ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ආයතන කාර්යාල කර්මාන්ත ශාලා පවත්වාගෙන යාම පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත්. මෙහිදී ලබාදී ඇති නිර්ණායක අනුව කටයුතු කළ යුතුයි.

බස්නාහිර පළාතේ හෙට දිනයේ දී නිර්ණායක අනුව කටයුතු කිරීම සිදුවෙනවා. පුද්ගලයන් ඇසුරු කර ගත යුත්තේ සමාජ දුරස්ථ භාවය ආරක්ෂා වන අයුරින්. මුහුණු ආවරණ පැළඳිය යුතුයි. අත් සේදීමට යෙදීමට අවස්ථාව සලසා දිය යුතුයි. ඇතුලු වුන අය සටහන් කිරීමට ලේඛන සකස් කළ යුතුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here