Criminal with knife weapon threatening woman and child in underpass crime

පිහි ඇනුමකින් බරපතළ බරපතළ තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර ශල්‍යකර්මයක් කළ පුද්ගලයෙකුට අහඹු ලෙස සිදුකළ PCR පරීක්ෂණයකින්, ඔහු කොවිඩ් රෝගියෙකු බව අනාවරණය වී තිබේ.

එම පුද්ගලයා පවසන පරිදි බීමතින් සිටියදී වෙනත් අයෙක් ඔහුට පිහියෙන් ඇණීම හේතුවෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව රෝහලේ වෛද්‍ය අධිකාරී ජනිත හෙට්ටිආරච්චි පවසයි.

අදාළ පුද්ගලයාට කොවිඩ් ආසාදිත බව තහවුරු වීමත් සමඟ ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබේ .

එමෙන්ම රෝහලේ දැඩිසත්කාර ඒකකය හා ශල්‍යාගාරය තවකාලිකව වසා දැමීමට රෝහල් පාලනාධිකාරිය තීරණයකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here