ඉකුත් යහපාලන සමයේදී නීති විරෝධී අයුරින් මෙරටට එංගලන්තයේ සිට ගෙන්වා තිබූ අපද්‍රව්‍ය බහාලුම් 242න් 82ක් කොළඹ වරායෙන් පිටත්වූ නෞකා 03කින් ආපසු එක්සත් රාජධානිය බලා පිටත් කර යැවීමට ශ්‍රී ලංකා රේගුව ඊයේ (06) පියවර ගෙන තිබේ.

මේ පිළිබඳව අදහස් දැක්වූ රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න ඒ පිළිබවඳව මෙසේ සඳහන් කර තිබේ.

‘ඉකුත් යහපාලන සමයේදී මෙරටට ගෙන්වන ලද කුණු කන්ටේනර් 242න් 20ක් ඉකුත් 30 වැනිදා එක්සත් රාජධානිය බලා පිටත් කර යැවීමට රේගුව කටයුතු කළා. අභියාචනාධිකරණය විසින් ලබා දුන් නියෝගයකට අනුව මේ කන්ටේනර් එවන ලද රට වෙත යැවීමට කටයුතු කළා. එවන ලද මුළු කන්ටේනර් ප්‍රමාණයෙන් කන්ටේනර් 126ක් රේගුවෙන් නිදහස් කරගෙන තිබෙනවා. ඒවා නිදහස් කර ගත් ආයතනයට අයත් ආයෝජන කලාප පරිශ්‍රයේ රඳවා තිබෙනවා.

මේ ප්‍රති නැව්ගත කිරීම රේගු අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජනරාල් ජී. වී. රවිප්‍රිය මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ රේගු අධ්‍යක්ෂ (සමාජ ආරක්ෂණ ) එස්. පී. අයි. බාලසූරිය, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් එස්. ආනන්ද ඊශ්වරන්, රේගු අධිකාරී අෂොරොෆ් සම්සුදීන්, සහකාර රේගු අධිකාරීවරුන් වන තිළිණි ජයසුන්දර සහ කේ. කේ. එම්. සලීම් නිලධාරීන් විසින් සිදු කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here