මිද්දෙණිය ප්‍රදේශයේ පානීය ජල ගැටලුවලට සහ රෝහලේ වෛද්‍ය හිඟයට කඩිනමින් විසඳුම් දෙන්නැයි සහ මිද්දෙණිය මහා විද්‍යාලය ජාතික පාසලක් බවට පත් කරන ලෙස අදාළ ඇමැතිවරුන්ට සහ බලධාරීන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ ඊයේ (6) උපදෙස් ලබා දී තිබේ.

කටුවන ප්‍රාදේශීය සභාවේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (6) පස්වරුවේ සහභාගී වෙමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇති අතර මිද්දෙණිය වැව අසළ ඉදිකෙරුණු “රණවිරු උයන” ළමා ක්‍රීඩාංගණය සහ ශරීර සුවතා මංතීරුව ජනතා අයිතියට පත්කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණ.

කටුවන පිහිටි ප්‍රාදේශීය සභා ප්‍රධාන ගොඩනැගිල්ලේ පවතින අඩු පාඩු හේතුවෙන් සභාවේ දෛනික සේවා මිද්දෙණිය නගරයේ උප කාර්යාල ගොඩනැගිල්ලේ සිට පවත්වාගෙන යනු ලබන අතර ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම නිසා සභාව රැස්වීමේ දී සහ සේවා සැපයීමේ දී උද්ගතව ඇති ගැටලු අධීක්ෂණය කළ ජනාධිපතිවරයා නව ගොඩනැඟිල්ලක් ඉදි කර දීමට එකඟතාව පළ කර ඇත.

ඇමැති චමල් රාජපක්ෂ සහ මිද්දෙනිය ප්‍රාදේශීය සභාවේ සභාපති මහීන් ගමාච්චි යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here