ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා එහි ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සිය ඇමරිකානු පුරවැසි බව ඉවත් කර ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇති බව ඔහුට හිතවත් ආරංචි මාර්ග ඔස්සේ සතිඅන්ත පුවත්පතක් වාර්තා කර තිබුණා.

එසේම වගකිවයුතු තනතුරක් භාර ගෙන මේ නිශ්චිත මොහොතේ සිය දායකත්වය රට වෙනුවෙන් ලබා දෙන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බොහෝ දෙනෙකු විසින් බැසිල් රාජපක්ෂ ගෙන් ඉල්ලීමක් කර ඇති අතර වේදිකාව පිටුපස භූමිකාවට පෙරට ඇවිත් සිය දායකත්වය ලබා දෙන ලෙස එම පාර්ශවය බලකර සිට ඇත.

කෙසේ වෙතත් එම ඉල්ලීම් වලට යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමට මේ වන විට ද්විත්ව පුරවැසිභාවය බාධාවක් නොවුනත් පුරවැසිභාවය අත්හැර පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට හිටපු අමාත්‍යවරයා වැඩි කැමැත්තක් ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වාදෙයි.

මහින්ද රාජපක්ෂ 2015 වසරේ පැවති පැවැති ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වීමේ දී එහි පූර්ණ වගකීම භාරගත් බැසිල් රාජපක්ෂ යළිත් සිය සහෝදරයා බලයට ගෙන ඒමට විශාල කාර්යභාරයක් කළේය. ඒ අනුව ඔහු විසින් ගොඩනැගූ ලංකාවේ ලාබාලතම දේශපාලන පක්ෂය ඉදිරිපත් වූ පළමු මැතිවරණයේ දී ම විශිෂ්ට ජයක් ලැබූ අතර එහිදී පළාත් පාලන ආයතන 340 ක් අතුරින් පළාත් පාලන ආයතන 239 කට අධික ප්‍රමාණයක් ජය තහවුරු කරගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා .

ඒ සියල්ල පිටුපස දැවැන්ත සංවිධාන ශක්තියක් සැපයුවේ බැසිල් වේ. .

ඉදිරිපත් කර ලැයිස්තුවෙන් එක් මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වීම ප්‍රමාණවත් වේ .ඒ අනුව දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ ඉදිරිපත්ව ඇති බවයි එසේම බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පිවිසීම සදහා තම මන්ත්‍රී ධූරයෙන් සහ ජාතික ලැයිස්තුවෙන් ඉල්ලා අස්වීමට අදාළව තමන්ඕනෑම අවස්ථාවක සූදානම්ව සිටින බව ජයන්ත කැටගොඩ පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් වෙත දැනුම් දී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.


ඒ අනුව පුරවැසිභාවය ඉවත් කරගැනීමෙන් අනතුරුව ජයන්ත කැටගොඩ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පිවිසීමේ සති කිහිපයක් තුළ සිදුවනු ඇති බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මේ අතර බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ නම් දැනට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලබන විෂයන් කිහිපයක් ම බැසිල් රාජපක්ෂ වෙත පැවරීමට ආන්ඩුවේ සූදානමක් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි ඔහු මීට පෙර ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරයට අමතරව බොහෝ දුරට මුදල් අමාත්‍යංශය ද බැසිල් රාජපක්ෂ වෙත යොමු වෙනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයින් මත පළ කරයි..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here