එක්සත් ජාතික පක්ෂය පසුගිය මැතිවරණ වේදිකාවේ සිදුකලේ බොරුව සමාජගත කර ජනතාව මුලාවට හා බියට පත්කර චන්ද ලබාගැනීමේ උපාය මාර්ගයක් බව සහ ඒ පිටුපස සිට එය මෙහෙයවූ බංකොලොත් දේශපාලකයින් හා ඔවුනට කඩේ ගිය මාධ්‍ය හෙන්චයියන්ගේ රෙදි ගැලවී යන එන මං නැති වූ බව නොවැම්බර් 17 වනදා ප්‍රතිපලයෙන් ඔප්පු කොට හමාරය. ඒ 2015 ජනවාරි 08 බොරුවට හසු වූ ජනතාව යලි ඒ බොරු වලට හසු වන්නට තරම් මෝඩ නොවූ බැවිනි.

එදා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසි භාවය ගැන බොරු කී ඇත්තෝ අද පුරවැසි භාවය පිළිබඳව නිහඬ ඇයි? වර්තමාන ජනාධිපතිවරයාට ශ්‍රී ලංකික පුරවැසි භාවය නොමැතිනම් එජාප දේශපාලකයින් අධිකරණයට ගොස් එය අභියෝගයට ලක් නොකර සිටීවිද? ජනතාවට බොරු කී ඔවුනට අද කර කියාගත දෙයක් නොමැතිව අනාථ වී ඇති බැවින් දැන් ජනාධිපතිවරයාගේ පුරවැසි භාවය ගැන හැසිරෙන්නේ ඇටි කෙහෙල් කෑ උගුඩුවන් ලෙසනි.

ඒ කෙසේ වෙතත් විලි ලැජ්ජාව ගෑවීලාවත් නැති සමහර එජාපයේ සමහරක් ඔවුනගේ සුපුරුදු පච මෙහෙයුම තවමත් කරගෙන යන්නේ ඉදිරි මහා මැතිවරණය ඉලක්ක කොටගෙනය. සුදු වෑන් රියදුරා හෝ කිඹුල් කතා රාජිත පෙනෙන්නට නැතත් යලි සුදු වෑන් නාටකයක් යලි ඔවුන් රඟදක්වමින් සිටී. විවිධ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් සුදු වෑන් එකකින් ගෙන ගොස් පැය කිහිපයකින් පසු ඔවුන් නිරුපද්‍රිතව මුදා හැර එය සමාජ ජාල හරහාම ප්‍රසිද්ධ කොට ගෝඨාභය ආ නිසා යලි සුදු වෑන් ක්‍රියාත්මක බවට හඬක් නගමින් තිබේ. එමෙන්ම ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියකද එසේ පැහැරගත් බවට ප්‍රචාර යවමින් ජාත්‍යන්තරය තුලද සුදු වෑන් මතය ප්‍රචලිත කිරීමේ උත්සාහයක නිරත වී සිටී.අපට දැනගත හැකි වූ පරිදි ඇයව පැහර ගැනීමකට ලක් වී නොමැත , කෙසේ නමුත් ප්‍රශ්න කිරීමකට CID වෙත කැදවා ගොස් ඇත . මෙසේ සුදු වෑන් භීතිකාව මවනා පුද්ගලයින් ළඟදීම සමාජය ඉදිරියේ නිරුවත් වනු ඇති බව අපගේ විශ්වාසයයි. හේතුව බොරුවක් දිගුකලක් කරන්නට නොහැකි බැවිනි.

අනික් අතට ලක්ෂ 69ක ජනවරමක් ලබා උඩින්ම දින්න ගෝඨාභයට සුදු වාන් යවා තානාපති කාර්යාල සේවකයින් අතුරුදන් කිරීමට හෝ මාධ්‍ය වේදීන් කියා ගන්නා පුද්ගලයින් අතුරුදන් කරන්නේ කුමන හේතුවකටද? ඉහල ජනතා ප්‍රසාදයක් ලබාසිටින මේ සමයේ මෙවැනි බාල වැඩ කරවන්නට තරම් ඔහු මෝඩයෙක්ද? කාරණය පැහැදිලිය ඉදිරියේදී රටටම හෙළිවනු ඇත. එජාපය සිය පක්ෂය තුල ඇති අභ්‍යන්තර ගැටළු හා ලැබූ පරාජය ජනතාවට අමතක කරලීමේ මාධ්‍ය මෙහෙයුම ක්‍රියාත්මක කරමින් සිටී. විටෙක එය සුදු වැන් හරහා මිනිසුන් ඉස්සිමේ පුවතකින් එලියට එයි. විටෙක ඇමති මණ්ඩලයේ ප්‍රමාණය හා අධ්‍යාපන ඔවුන්ගේ සුදුසුකම් පිලිබඳ පුවතකින් එලියට එයි. තවත් විටෙක මහවිරු සැමරුමක් පිලිබඳ පුවතකින් හෝ විල්පත්තු ගැසට් නිවේදනයක් ලෙසින් එලියට එයි.

නමුත් අසරණ එජාප ලොක්කන්ට මෙන්ම ඔවුනට කඩේ යන පාක්ෂිකයින් කිහිපදෙනාට මතක් කිරීමට ඇත්තේ ජනාධිපතිවරණයේදී තිබු චන්දත් මඩ කැම්පේන් වලින් නැති කරගත්තා සේ මීළඟ මහමැතිවරණයේදී යලිත් මඩ සහ පච කැම්පේන් කරන්නට ගොස් තිබෙන චන්ද ටිකත් නැත්තට නැති කර නොගන්නා ලෙසය හේතුව රටක දියුණුවට ශක්තිමත් විපක්ෂයක්ද අවශ්‍ය බැවිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here