ජනප්‍රිය හා ප්‍රවීණ ගායන ශිල්පිණී සමිතා මුදුන්කොටුව මහත්මියගේ ආදරණීය පුත්‍රයාගේ උපන් දිනය අදට යෙදී තිබෙනවා.

ඉතින් ඔහුගේ උපන්දිනයට කලා ලෝකයේ රසවතුන් මෙන් ඔහුට ආදරය කරන බොහෝ දෙනා සුභ පැතුම් එක් කර තිබුණා .

ඒ අතර බොහෝ දෙනාගේ අවධානය ගත්තේ සමිතාගේ ආදරණීය සැමියා චිරන්ත විසින් ශේන් වෙනුවෙන් මුහුණු පොතේ තබා තිබූ ආදරණීය සටහන .

ඉතාමත් ආදරබර සටහනක් වූ මෙයට බොහෝ දෙනා ඉතාමත් ආදරණීය ආශිර්වාදයන් එක් කර තිබුණා .ඉතින් ශේන්ට සුභ උපන්දිනයක් කියන්න අපිත් අමතක කරන්නේ නැහැ .

”Happy birthday Mage Shane…මගේ ජීවිතේ මම බලාපොරොත්තු නොවුන විදිහට එළිය කරා. ඔයා එක්ක ගෙවන හැම මොහොතක්ම මට හරි වටිනවා. මගේ ජීවිතේ මම බලපොරොත්තු වෙලා හිටියේ හරිම සරල විදිහට පාඩුවේ ගත කරගෙන ඉන්න, ඒත් ඔයා, අම්මි, අක්කි හිතපු නැති වෙලාවක මගේ ජීවිතේට එකතු වෙලා මගේ මේ ගමනට එකතු උනාට හුඟාක් පිං. ඔයාලව මම හරි අදරෙන් හැමදාටම බලාගන්නවා මගේ ඇස් දෙක වගේ. හැමදාටම මගේ ලඟින්ම ඔයාලා තුන්දෙනාවම මම බලාගන්නවා. මේ සමාජෙට හොඳ මනුස්සයෙක් වෙලා ජීවත් වෙන්න ඔයාට හැම ශක්තියක්ම ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ආදරෙයි.බුදුසරණයි”

අදාළ ෆේස්බුක් සටහන පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here