තුර්කි භූකම්පනයේ සුන්බුන් වලට යටවූ 4හැවිරිදි දැරිය පැය 91කට පසු බේරා ගැනුණු පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා

මෙලෙස නිරුපද්‍රිතව මුදා ගෙන තිබෙන්නේ තුර්කියේ ඉස්මීර් නුවර ඇති වූ භූ කම්පනයේ සුන්බුන්වලට යටවී සිටි කුඩා දැරියක්. ඇය දින 04 කට ආසන්න කාලයක් මෙලෙස සුන්බුන්වලට යටවී ඉද තිබෙනවා .

ඒජියන් මුහුදු කලාපයේ පසුගිය සිකුරාදා ඇති වූ ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයන් 104 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.

ජිවිතාරක්ෂක කණ්ඩායමකට අද හමුවූ අයිඩා ගෙසින් නමැති වයස අවුරුදු 3 ක් හෝ 4 ක් වන දැරියල තුර්කි රජයේ අමාත්‍යවරයෙකු හැඳින්වූයේ විස්මිත ප්‍රාතිහාර්යක් ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here