ඊයේ දිනයේ පානදුර වෙරළේ කිලෝමීටර දෙකක පමණ ප්‍රදේශයක තල්මසුන් රංචුවක් ගොඩ ගසා ඇති බවට වාර්තා වීමත් සමඟ ඔවුන්ගේ දිවි බේරා යලි සාගරයට මුදා හැරීම සඳහා බොහෝ පිරිසක් එක් වුයේ රටේ පවතින කොරෝනා අවධානමද නොතකමින්.

මෙහිදී ප්‍රදේශයේ ධීවර ප්‍රජාව ඇතුළු ප්‍රදේශවාසීන් වහා ක්‍රියාත්මක වී එම තල්මසුන් දියඹට යැවීමට උත්සා කරන අතර නාවික හමුදාව සහ වෙරල සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වනජීවී නිලධාරීන් පොලිස් නිලධාරීන් හා පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද පරිසරවේදීන් ඇතුළු තවත් පිරිස් එම මෙහෙයුමට සම්බන්ධ වී යුහුසුළුව ක්‍රියාත්මක වන ආකාරය දකින්නට ලැබුනා.

මේ සිදුවීම වාර්තා වීමත් සමඟ වනජීවී හා වන සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක හා ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහත්වරුන් වහාම එම ස්ථානයට පැමිණ තල්මසුන් බේරා ගැනීමේ මෙහෙයුම සඳහා සක්‍රියව දායක වෙමින් ඒ සඳහා නාරා ආයතනය හා වනජීවී දෙපාර්තමේන්තුව හා අදාළ රාජ්‍ය ආයතනද සම්බන්ධ කරමින් තල්මසුන් දියඹ වෙත යොමු කිරීම සාර්ථකව සිදු කල බවට වාර්තා වූ අතර ඒ සම්බන්ධව මාධ්‍ය වාර්තා කල රූපරාමු පහතින් නරඹන්න…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here