තමා මුහුදට බිලි වීමෙන් ලංකාවේ කොවිඩ් මර්දනය වෙනවා නම් එයද සිදු කිරීමට තමන් සූදානම් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි .

පසුගිය දිනෙක තමන් සහභාගි වූ ආගමික කටයුත්තක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ පලවන ඇතැම් උපහාසාත්මක සටහන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය මේ බව ප්‍රකාශ කර සිටියේය.

මුහුණු පොතේ දාලා තියෙනවා “පවිත්‍රා වන්නිආරච්චි ලංකාවේ කොවිඩ් මර්දනය වෙන්න ඔයා මුහුදට බිලි වෙන්න” කියලා.ඇත්තටම ඒක එහෙම වෙනවා නම් මම ඒකට ලැහැස්ති ..යනුවෙන් ඇය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

කිසිදු අවස්ථාවක දේශපාලනීකරණයට ලක් නොවෙමින් කොරෝනා මර්දනයේදී සෞඛ්‍ය අංශ වලට මූලිකත්වය ලබාදෙමින් කටයුතු කරන බවත් එහිදී ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියා .

ඇය මෙම අදහස් දැක්වුයේ අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ දීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here