කොවිඩ් – 19 වයිරසයේ තත්ත්වය වරින් වර වෙනස්වීමට ලක්වන අතර දැනට රට තුළ පවතින තත්ත්වය වනුයේ ‘Alert Level 3‘ බව සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාව වෙත දැනුම්දෙයි.

එම තත්ත්වය යටතේ නිරෝධායන ඇඳිරි නීතිය පනවා නොමැති ප්‍රදේශවල ක්‍රියාකාරකම් සීමා කළ යුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ගෘහස්ථ, එළිමහන් උත්සව සහ මහජන රැස්වීම් පැවැත්වීම සඳහා අවසරයක් එම මාර්ගෝපදේශ මාලාවෙන් අවස්ථාවක් නොලැබේ.

ක්ෂේත්‍ර 55 ක් ඇතුළත් කරමින් මෙම මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබේ.

අත්‍යවශ්‍ය කටයුතුවලට හැර ඕනෑම නිවසකින් පිටවීමට අවසර ලබාදී ඇති පුද්ගලයන් සංඛ්‍යාව දෙදෙනෙකුට සීමා කිරීම, පොදු ප්‍රවාහන සේවාවේ ආසන ධාරිතාව සියයට 75 ක් දක්වා ඉක්මවා මගීන් ප්‍රවාහනය නොකිරීම, සැණකෙළි, සංගීත සංදර්ශන, වෙරළ සාද සඳහා අවසර නොදීම, සිනමා ශාලා, ළමා උද්‍යාන, සත්වෝද්‍යාන, නවාතැන් සපයන ස්ථාන යනාදිය වසා දැමීම, මංගල උත්සවවලට උපරිම ලෙස පුද්ගලයන් 50 ක් පමණක් සහභාගි කරවීම, පන්සල් පල්ලි කෝවිල් ආගමික කටයුතුවලදී පුද්ගලයන් 25 කට සීමා වීම යනාදිය ඇතුළත් කරමින් මෙම මාර්ගෝපදේශ මාලාව නිකුත් කර තිබේ.

මෙම උපදෙස් මාලාව සම්බන්ධයෙන් වැඩි විස්තර www.health.gov.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකි ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here