පාඨලීගේ මඩ බලකාය CID පරීක්ෂාවට – එජාපය මාධ්‍ය නිදහස සහ මඩ වෙබ් අඩවි පටලවාගනියි!

නුගේගොඩ ප්‍රදේශයේ කාර්යාලයක පවත්වාගෙන ගිය අමාත්‍ය පාඨලී චම්පික රනවක මහතාගේ සෘජු මැදිහත්වීම මත ක්‍රියාත්මක වෙබ් අඩවියක් සම්බන්ධව CID පරීක්ෂණයක් පැවැත්වූ බවට වාර්තා පලවූ අතර එය “ගෝඨාභයගේ මාධ්‍ය නිදහසද?” කියමින් එල්ලෙන්න වැලේ වැල් නතිව අනාථ වී සිටි එජාප මඩ බලකාය අසත්‍ය පතුරවමින් සිටී.
ඇත්ත කතාව මෙසේය අදාල වෙබ් අඩවි සහ එහි සිට ක්‍රියාත්මක වූ අනෙකුත් සමාජ මාධ්‍ය සියල්ලටම මූල්‍ය අනුබලය ලැබී තිබෙන්නේ පාඨලී අමත්‍යවරයා යටතේ තිබූ මහ නගර අමාත්‍යංශය හරහා වන අතර අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් කල පැමිනිල්ලක් අනුව අදාල සෝදිසි කිරීම සිදුවූ බවයි වාර්තා වන්නේ.
මාධ්‍ය අමාත්‍යංශයේ හෝ වෙනත් කිසිදු ආයතනයක ලියාපදිංචි නොවූ අදාල වෙබ් අඩවියට අමතරව එහි සිට රාජ්‍ය මුදල් යොදාගෙන සිදුකල නීති විරෝධී මැතිවරණය ප්‍රචාරන සහ දේශපාලන ප්‍රවර්ධන ක්‍රියාකාරකම් රැසක් රහස් පොලීසිය අනාවරනය කොටගෙන ඇති අතර ඒ පිලිබද මැතිවරණ කොමිසමටද පැමිනිලි කිරීමට නියමිත බව වාර්තා වනවා.

 781 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply