එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් සමු ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ද මාධ්‍ය අමතමින් කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් යයි තමන් සමඟ පැවසූ බවයි.රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂ නායකත්වයෙන් සමු ගැනීම සඳහා ගෞරව ගෞරවනීය උත්සවයක් පැවැත්වීමට ද දැනට සාකච්ඡා කරමින් ඇත.
ඉදිරි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට එකඟ සාකච්ඡා වී ඇති අතර තාවකාලිකව පක්ෂයේ නායකත්වය කරු ජයසූරිය මහතාට ලබාදීමට ද යෝජනා වී ඇත.ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසු නව නායකයෙක් පත් කිරීමටද පක්ෂය විසින් තීරණය කර තිබේ.