නිවැරදි තාක්ෂණය ලබා දුන්නේ නම් මෙරට පැයකදී ‘පී සී ආර්’ පරීක්ෂණ 90කට වඩා කළ හැකිව තිබූ බවත්, එවැනි නවීනතම ‘පී සී ආර්’ යන්ත‍්‍ර සවි කර තිබුණේ නම් දිනකට එම පරීක්ෂණ 50,000ක ධාරිතාවක් වුවද සිදු කළ හැකිව තිබූ බවත් රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසයි.

රටේ සියලූම රසායනාගාර ‘පී සී ආර්’ පරීක්ෂණ සිදු කරන්නේ සාම්ප‍්‍රදායික ක‍්‍රමයකට බවත්, එක පරීක්ෂණයක ප‍්‍රතිඵල ලබා ගැනීමට තම වෘත්තිකයන්ට පැය අටක පමණ කාලයක් බලා සිටීමට සිදු වී ඇති බවත් හෙතම සඳහන් කරයි.
 
 කොරෝනා වසංගතයේ පළමු රැල්ල අවසන් වූ මොහොතේ කොරෝනා අහවර වූ බව හඟවමින් කටයුතු කළ නිලධාරීන් හේතුවෙන් ‘පී සී ආර්’ පරීක්ෂණ ධාරිතාව වැඩි කිරීමට තිබූ අවස්ථාවන් සියල්ල අහිමි වූ බව ඔහු තවදුරටත් සඳහන් කරයි.
 
 
 මෙම තත්ත්වය හේතුවෙන් නිවැරදි තාක්ෂණය තම වෘත්තිකයන්ට නොලැබී ඇති බවත්, එය කළේ හිතාමතා බවත් එම ගැටලූ දඩමීමා කර ගනිමින් ‘පී සී ආර්’ පරීක්ෂණ ක‍්‍රියාවලිය ව්‍යාකුල කර දමමින්, තම තමන්ට පෞද්ගලිකව වාසි සිදු වන වෙනත් විකල්පවලට රට යොමු කර ගැනීමට රසායනාගාර සේවාවේ වගකිවයුතු පරිපාලකයන් උත්සාහ දැරීම භයානක තත්ත්වයක් බවත් ඔහු කියයි.
 
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here