බෞද්ධ පදනම ප්‍රවර්ධනය කර ගැනීම සඳහා තමන් පෙන්වා දුන් කරුණු අනුව එක්සත් ජාතික පක්‍ෂය කටයුතු කළේ නම් ජනාධිපතිවරණයේදී අමිහිරි පරාජයක් සජිත් ප්‍රේමදාසට අත්නොවන බව හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් පවසයි. ඔහු විසින් පලකර තිබූ ‘ට්විටර්’ පණිවුඩයක් පිළිබඳ විමසීමේදී මනෝ ගනේෂන්  මේ බව පැවැසීය.

එක්සත් ජාතික පක්ෂය කෙරෙහි සිංහල බෞද්ධ ජනතාව තබා ඇති විශ්වාසය ගිලිහී යමින් පවතින බව තමන් අවස්ථා ගණනකදීම එක්සත් ජාතික පක්ෂ නායකත්වයට දැනුම් දුන් බවත් හිටපු අමාත්‍ය මනෝ ගනේෂන්ගේ ට්විටර් පණිවුඩයේ සඳහන් විය.

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ පාලන කාලය මෙන් සිංහල, බෞද්ධ ජනතාවගේ අකාර්ෂණය පක්ෂයට ලබාගැනීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් අත්‍යවශ්‍ය බවද තමන් එක්සත් ජාතික පක්‍ෂ නායකයාට පැහැදිලි කර දුන් බව එහි දැක්වෙයි. ඔහු පෙන්වා දෙන්නේ බෞද්ධ දර්ශනය යනු කිසිදු ආගමික අනුගාමිකයන්ට බිය උපදවන ආගමක් නොවන බව තමාගේ විශ්වාසය බවයි. තමන් පෙන්වා දුන් කාරණා කෙරෙහි නිසි අවදානය යොමු නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ එක්සත් ජාතික පාක්ෂිකයන් පීඩාවෙන් යුතුව බලා සිටින බව මේ පිළිබඳ සිදුකළ විමසීමේදී හෙතෙම පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here