එම්සීසී ගිවිසුම අත්සන් කළ හොත් රටේ ජනතාව එයට එරෙහිව පාරට බහින බවට විශ්වාසයක් ඇති බවත් ලෝකයේ බලගතු රටවල අවශ්‍යතා ඉටු කිරීම සඳහා මිස රටේ සංවර්ධනය සඳහා 20න් ලබාගත් අධික ඒකාධිපති බලතල භාවිත නොකරනු ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා පසුගියදා පැලවත්ත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

එම්.සී.සී. ගිවිසුම අත්සන් නොකරන්නැයි ජනවරමක් ඇති බවත් ඒ ගිවිසුම සම්බන්ධයෙන් ජවිපෙ මුල සිටම හෙළිදරව් කිරීම් කළ අතර ඒ නිසා එයට විරුද්ධව ජනතාව සංවිධානය කිරීමට හැකි සෑම දෙයක්ම ඉදිරියේදී කිරීමට බලාපොරොත්තු වන බවත් පැවසීය.

දේශපාලන තොරතුරු නොසලකා හෝ හැඟීම්බර වීම නිසා හෝ තොරතුරු නොදැනීම නිසා බොරු දේශප්‍රේමීන්ට නොරැවටි තමන්ගෙන් සිදුවුණු අඩුපාඩුව නිවැරදි කරගෙන එම්.සී.සී. ගිවිසුම වැනි විනාශකාරී ගිවිසුම්වලට විරෝධය දැක්වීමේ හැකියාව ජනතාවට ඇති බවත් රාජ්‍ය දේපළ මෙන්ම රටේ ස්වෛරීත්වය ආරක්‍ෂා කිරීමත් ආර්ථික, යුද, දේශපාලන සංවිධානවලට ගැති නොවී පුළුල් සංවිධානත් එක්ක සහයොගයෙන් කටයුතු කිරීම කළ යුතු බවත් හෙතෙම කියා සිටියේය.

ඉන්දියාවට පවරා තිබෙන ත්‍රිකුණාමලය තෙල් ටැංකි අත්පත් කරගැනීමට, අවුරුදු 99කට චීනයට පවරා තිබෙන හම්බන්තොට වරාය ආපසු ලබා ගැනීමට, රටේ දුප්පත්කම නැති කිරීමට 20 වැනි සංශෝධනය අවශ්‍ය නැති බවත් මේ දැඩි බලතල අවශ්‍ය වෙන්නේ ජනතා විරෝධය මත සිදුකරන දේවල්වලට පමණක් වන අතර 20වැනි සංශෝධනය මඟින් ජනාධිපති බලතල වැඩි කරගැනීමත් අධිකරණයේ සහ පාර්ලිමේන්තුවේ බලතල ඉවත් කර ඇති බවත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here