“ආසාදිතයන්ගේ අඩුවක් නෑ, ඉදිරි කාල සීමාව ඉතාමත් අවදානම්”-වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

කොවිඩ්-19 වෛරස ආසාදිතයින් වාර්තාවීමේ අඩුවීමක් නොමැති බැවින් ඉදිරි කාලසීමාව ඉතා අවදානම් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පවසයි.

ඊයේ දිනයේදී ද කොවිඩ්-19 ආසාදිතයින් 582ක් වාර්තා වූ බවත්

ඒ අනුව දිවුලපිටිය හා පෑළියගොඩ කොවිඩ් පොකුර 6,313 දක්වා ද ඉහළ ගොස් ඇති බවත් හෙතෙම සදහන් කරයි.

මේ අතර මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 9791කි.

ඉන් 5630දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබන අතර, 4142දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත.

මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 19කි.

 679 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply