කොළඹ මහ නගර සභාවේ මාසික රැස්වීම නාගරික මන්ත‍්‍රීවරුන් බොහෝ දෙනකුගේ දැඩි විරෝධය මධ්‍යයේ ඊයේ (29) සවස පැවැත් වීමට කටයුතු යොදා තිබුණි.
 
 මෙය නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.
 
 මේ වන විටත් නගර සභාවේ නිලධාරීන් හා නිලධාරිනියන් කීපදෙනකුට කොරෝනා වැළඳී තිබීම හේතුවෙන් මෙම නගර සභා රැස්වීම නොපවත්වන ලෙසට නාගරික මන්ත‍්‍රීවරුන් කීපදෙනකුම ඉල්ලා සිටිය ද එම ඉල්ලීම් නොසලකා මාසික සභා රැස්වීම දහවල් 2.30 සිට සවස 5.30 දක්වා පවත්වාගෙන යෑමට නගරාධිපතිනිය කටයුතු කර තිබේ.
 
 මේ සම්බන්ධයෙන් නාගරික මන්තී‍්‍රවරුන් බොහෝ පිරිසක් සිය අප‍්‍රසාදය පළකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here