අද (28) උදෑසන 06.00 සිට අත්‍යාවශ්‍ය කරුණකට හැර බස්නාහිර පළාතෙන් පිටවීම තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

ඒ අනුව අද උදෑසන 06.00 සිට බස්නාහිර පළාතෙන් පිටවන සියලුම රථවාහන විශේෂ සෝදිසියකට ලක් කිරීම සඳහා විශේෂ මාර්ග බාධක යොදවා ඇති බව ඔහු සඳහන් කර ඇත.

එහෙයින් බස්නාහිර පළාතට අද දිනයේ යම් ආකාරකින් ඇතුළු වුවද අත්‍යවශ්‍ය කරුණකදී හැර ඉන් පිටවීමට කිසිදු අවසරයක් නොලැබෙන බවත් අද මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගී මාර්ගයේ පවා ගමනාගමනය සීමා කෙරෙන බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here