ඊයේ දිනයේ සිදුවූ ඇමරිකානු රාජ්‍යලේකම් මයික් පොම්පියෝ මහතාගේ මෙරට සංචාරය පිළිබඳව බොහෝ කතාබහක් ඇතිව තිබු අතර එම්සීසී සෝෆා ඇක්සා යන රටට අහිතකර ගිවිසුම් අත්සන් කිරීම පිණිස ඔහු මෙරටට පැමිණෙන බවට විපක්ෂ කණ්ඩායම් මතයක් නිර්මාණය කොට තිබුනා. 3% පක්ෂය නියෝජනය කරන සහෝදර කණ්ඩායමක් ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයකට නිරත වුයේ පසුගිය වසර 5 තුල ඔවුන්  මෙරටට ආ කිසිදු විදේශ රාජතාන්ත්‍රිකයකුට එවැනි විරෝධයක් පල නොකළ පසුබිමක් තුල.

කෙසේ වෙතත් එවැනි කිසිදු ගිවිසුමකට පොම්පියෝ මහතාගේ සංචාරයේදී අත්සන් නොකෙරුණු පසුබිමක විපක්ෂ කණ්ඩායම් මේ වනවිට කට උත්තර නැති තත්වයකට පත්ව තිබෙනවා. අදාළ කණ්ඩායම් දිගින් දිගටම විමල් වීරවංශ අමාත්‍යවරයා සහ උදය ගම්මන්පිල වැනි ජාතිකවාදී දේශපාලකයින් මේ සඳහා ඈදා ගනිමින් විවේචන එල්ල කර අතර ඒ සියලු චෝදනා වලට පිළිතුරු සපයමින් විමල් වීරවංශ අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ අදහස් පල කරනු ලැබුවේ මේ අයුරින්…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here