ජනප්‍රිය රූපවාහිනී නිවේදක මාධව විජේසිංහ මිට දින කිහිපයකට පෙර යුග දිවියට පිවිසුණා.

ඒ වෛද්‍යවරියක් වන නදුනි රණසිංහත් සමහයි. මේ ආදරණිය යුවල අතර ඇති සම්බන්දයට ටෙලි නාට්‍ය නළු සාරංග දිසසේකරගේ යම් සම්බන්දයක් ඇති බවට මේ වනවිට හැමෝම දන්නවා.

සාරංග දිසාසේකර නෑදෑ දියණියක් තමයි නදුනි කියල කියන්නේ. ඒ වගේම තමයි සාරංගලේ විවාහ උත්සවයේදී සරංගගේ පාර්ශවයෙන් එක් වුනු එම විවාහ මංගල්‍යයේ දෙවැනි මනමාලියත් ඇය.

කෙසේ නමුත් ඇය දෙවන මනමාලිය වන අවස්ථාවේ සරංගගේ දෙවන මනමාලයා හැටියට පෙනී සිටියේ මාධව . ඉතින් මේ විවාහ මංගල්‍ය දවසේ තමයි මේ දෙන්නගේ පළමු හමුවීම සිදුවෙලා තියෙන්නේ. කොහොම නමුත් ඒ දිනවල නදුනි රණසිංහ චීනයේ වෛද්‍ය අධ්‍යාපනය හදාරමින් සිටි බව තමයි ඔවුන් පවසන්නේ. චීන විශ්ව විද්‍යාලයකින් උපාධිය ලබාගැනීමෙන් පසුව වසර හයකට පසුව තමයි මාධවත් සමග මේ ආකාරයට විවාහ ජීවිතය පැමිණ තිබෙන්නේ. කෙසේ නමුත් මේ විදියට විවාහ ජීවිතය එළඹුණු නදුනි රණසිංහට හා මාධව විජේසිංහට ඔවුන්ගේ ඉදිරි යුග ජීවිතය සාර්ථක ගමනක් වෙන්න කියලා අපිත් හදවතින්ම ප්‍රර්ථනා කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here