තුනෙන් දෙකකට වැඩි බහුතර මන්ත්‍රීවරුන්ගේ කැමැත්තෙන් සම්මත වූ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද සිට බලාත්මක වන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල පවසයි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන අද පෙරවරුවේ එම සංශෝධන කෙටුම්පතට සිය අත්සන තබා ඇති අතර ඒ අනුව එය නීත්‍යනුකූල ලියවිල්ලක් බවත් පත් වේ.

මෙම සංශෝධනය බලාත්මක වීමත් සමග 19 වැනි සංශෝධනයේ වගන්ති රැසක් අහෝසි වන අතර විධායක ජනාධිපති ධුරය සතු බලතල තවදුරටත් ශක්තිමත් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here