ඉදිරි වසර පහ තුළ එළිමහන් ශාරීරික සුවතා මධ්‍යස්ථාන 1000ක් රට පුරා ඉදි කිරීම ඉලක්කය බව ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීමේ ජාතික වැඩසටහනට සමගාමීව එළිමහන් ශාරීරික සුවතා මධ්‍යස්ථාන ඉදි කිරීමේ පළමු අදියර පෙරේදා (27) අනුරාධපුරයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව පැවැසීය.

මෙහිදී අනුරාධපුර නුවර වැව අසල පිහිටි ශරීර සුවතා මංතිරුව හා කුම්ඹිච්චන් කුලම වැව අසල පිහිටි සිසිළ උයන මධ්‍යස්ථානයේ අවශ්‍ය පහසුකම් නැංවීමේ කටයුතු පිළිබඳ සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට ද ඇමැතිවරයා එක් විය. ‍ඒ අනුව එම ස්ථාන ශරීරික ව්‍යායාම සිදු කළ හැකි අයුරින් පහසුකම් සහිතව දියුණු කිරීමට ගත යුතු පියවර පිළිබඳ නිලධාරින් සමඟ සාකච්ඡා පැවැත්විණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here