”ආවේ ඇයි කියලා පොම්පියෝගෙන්ම තමා අහන්න ඕනෙ, අපෙන් අහලා වැඩක් නෑ” – ඇමති නාමල් පිළිතුරු දෙයි

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ ශ්‍රී ලංකාවට පැමිණියේ මන්දැයි ඇසිය යුත්තේ ඔහුගෙන්ම බවත් ඒ පිළිබඳ තමන්ගෙන් අසා ප්‍රතිඵලයක් නොමැති බවත් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. 

” අපේ ආගන්තුක සත්කාර තියෙනවා, විදේශ ප්‍රතිපත්තියක් අපට තියෙනවා. එන ඕනෙ කෙනෙක් පිළිගන්නවා. එන කෙනෙක්ට තේ කෝප්පයක් දීලා යවන එක ප්‍රශ්නයක් නෙවෙයිනෙ. 

ඉතිං සාමාන්‍යයෙන් ගෙදරකට කවුරුහරි ආවාම ඇයි ආවෙ කියලා අහන්නෙ නෑනෙ. එයාගෙන් තමයි අහන්න ඕනෙ ඇයි එයා ආවෙ කියලා. අපෙන් අහලා වැඩක් නෑ” යනුවෙනුයි ඒ මහතා සඳහන් කරයි.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (27) මාධ්‍යවේදීන් මේ පිළිබඳ කළ විමසීමකදී ඊට පිළිතුරු දෙමිනි. 

 525 total views,  6 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply