බදියුදීන් අත්අඩංගුවට ගන්නකොට ඇපල් දුරකතනට උඩුමහලෙන් බිමට දාලා

පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් සැඟවී සිටි දෙහිවල ඇන්ඩර්සන් පාරේ පිහිටි තෙමහල් නිවසේ තුන්වන මහලේ සිට ඔහුට අයත් ඇපල් වර්ගයේ දුරකතනය බිමට දමා ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ඊයේ (28) කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතාට දැනුම් දී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තාමේන්තුවේ නිලධාරීන් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ මෙම ඇපල් වර්ගයේ දුරකතනය බිමට දමා ඇති බව ඒ මහතා අධිකරණය හමුවේ විමර්ශනය සම්බන්දයෙන් කරුණු දක්වමින් කියා සිටියේය.

එමෙන්ම රිෂාඩ් බදියුදීන් මහතාට අයත් මේ වනවිට අත්අඩංගුවේ පසුවන නිල රථයේ කාපට් එක යට ඔහු සැඟවී පලා යන අවස්ථාවේ ඔහුට අයත් පාර්ලිමේන්තු නිල හැඳුනුම්පත සහ පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇති හැදුනුම්පත සඟවා තිබියදී අත්අඩංගුවට ගත් බවත් දිලීප පීරිස් මහතා අධිකරණයට කියා සිටියේය.

 297 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply