නව කොරෝනා පොකුරේ තවත් ආසාදිතයන් 164 දෙනකු හඳුනා ගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

ඔවුන්ගෙන් 156ක් ධීවර ප්‍රජාව අතරින් හඳුනාගෙන ඇති අතර ඉතිරි 8 දෙනා නිරෝධායන මධ්‍යස්ථාන තුළින් හඳුනා ගෙන ඇත.

ඒ අනුව අද දිනයේ මේ වන විට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 457ක් ලෙස වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here