”මධූෂ්ව බේර ගන්න තිබුණා ඔහුගේ ඝාතනය මට ප්‍රෙහෙලිකාවක් ” – පොලිස් ලොක්කෙක් කියයි

සංවිධානාත්මක අපරාධ භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා ටියුබ් සමාජ ජාලයේ නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් සඳහන් කරන්නේ මදූෂ් යනු ප්‍රබල අපරාධකරුවෙකු මෙන්ම Master Minder (මාස්ටර් මයින්ඩ්) කෙනෙකු බවයි.

එහිදී ඔහු සඳහන් කරන්නේ මදූෂ්ව ආරක්ෂා කර ගත යුතුව තිබුණු බව පවසන නි.පොලිස්පතිවරයා සඳහන් කර සිටියේ එමගින් ඔහුගෙන් තොරතුරු සියල්ල ලබාගත යුතුව තිබුණු බවයි.

එමන්ම මදූෂ්ගේ ඝාතනය ගැටලුවක් වී ඇති බව තමන් පිළිගන්නා බවද සංවිධානාත්මක අපරාධ භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කර ඇත.

මදූෂ්ගේ වැටලීම සඳහා විශේෂකාර්ය බලකා සෙබළුන් රැගෙන නොයෑම සම්බන්ධයෙන් තමන්ට ගැටලුවක් ඇතැයි සඳහන් කරන නියෝජ්‍ය පොලිස්පතිවරයා තවදුරටත් සඳහන් කර සිටියේ මදූෂ්ව නිරුපද්‍රිතව ගලවා ගැනීමට නොහැකි වීම ගැටලුවක් බවයි.

මදූෂ්ව ඝාතනය කිරීමට පෙර දින තොරතුරු අනාවරණය වූ බව තමන් නොදන්නා බව පවසන නි.පොලිස්පතිවරයා සඳහන් කර සිටියේ මදූෂ්ව දණ ගස්සවා වෙඩි තැබූ බවට යන මතය තමන් පිළිනොගන්නා බවකි.

 417 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply