ඇමෙරිකානු රාජ්‍ය ලේකම් එන්නේ එම්.සී.සී. පමණක් නොව සෝෆාත් අත්සන් කර ගන්නයි – පාඨලී චම්පික

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මෙරටට එන්නේ එම්.සී.සී. ගිවිසුම පමණක් නොව ඇක්සා ගිවිසුමේ දිගුවක් වන සෝෆා ගිවිසුම පවා අත්සන් කරගන්නට බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක පවසයි.

ඒ අනුව ඉදිරියේදී ඉතා භයානක තත්ත්වයක් ඇතිවනු ඇතැයිද, ලෝක බල කඳවුරු දෙකක් වන එක් පසෙකින් ඇමෙරිකාව, ජපානය, ඔස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අතරද, අනෙක් පසින් චීනය, රුසියාව, පාකිස්තානය සහ ඉරානය අතරද ඇතිවන අර්බුදකාරී තත්ත්වයට මුහුණදීමට ශී‍්‍ර ලංකාවට සිදුවනු ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.

එබැවින් මේ මෙහොතේ ජනාධිපති හෝ අගමැති එම්.සී.සී.  ගිවිසුම එම නමක් හෝ වෙනත් නමකින් අත්සන් නොකරන බවට සහතිකයක් වහා දිය යුතු බව මන්තී‍්‍රවරයා කියා සිටී.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (27ද) පැවති මාධ්‍ය හමුව අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

 484 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply