නුගේගොඩ සුජාතා විද්‍යාලයේ ආදී සිසුවියක් මෙන්ම කොළඹ හෙද විදුහලේ ඉගෙනුම ලබමින් සිටි නෙල්කා වික්‍රමසිංහ සොයුරිය දරුණු පිළිකා රෝගයකින් පීඩා විඳින අතර ඒ සඳහා කොළඹ නවලෝක රෝහලේ ඇට මිදුළු බද්දකිරීමේ සැත්කමක් සිදු කෙරෙමින් පවතී ඒ සඳහා ලක්ෂ 65ක මුදලක් වැයවන බවයි කියවෙන්නේ.
කෙසේ නමුත් ඇයගේ සහෝදරයා ඔස්ට්‍රියාවේ රැකියාවක නිරතව සිය සොහොයුරියගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය මුල්‍යමය දායකත්වය සපයා ඇති නමුත් පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ ඔහුගේ රැකියාව අහිමිවී ඇත.
ඒ හේතුවෙන් නෙල්කාගේ ප්‍රතිකාර කටයුතු පිණිස අවශ්‍ය මුදල් සොයා ගැනීම මහත් දුෂ්කර තත්වයකට පත්ව ඇති බැවින් නෙල්කාගේ සැත්කම හා ප්‍රතිකාර කටයුතු අවධානම් තත්වයකට පත්ව ඇත.
ඔබටත් හැකියාවක් ඇත්නම් අසරණ ජීවිතයක් බේරා ගන්නට අවශ්‍ය සහයෝගය ඔවුනට දක්වන මෙන් අප ඉල්ලා සිටින අතර එය ඔවුනට මහත් අස්වැසිල්ලක් වනු ඇති…

වැඩි විස්තර සඳහා 071 4436227 හෝ 071 7172616 අමතන්න
නැතහොත් +43 650 5900 843 අංකයෙන් Whatsapp හරහා සම්බන්ධ වන්න…
මේ සම්බන්ධව වෛද්‍යවරුන් හා රෝහල් වලින් ඉදිරිපත් කරන ලද සියළු වෛද්‍ය වාර්තා ඔබගේ අවධානය පිණිස පහතින් දක්වා ඇත…