”අනේ මගේ ජීවිතේ බේරලා දෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලන්න”- කංජිපානි මරණ බියෙන් ඥාතින් ඉදිරියේ හඬා වැටෙයි

දෙවියන් ඉදිරියේ යාඥා කරමින් තම ජීවිතය බේරා දෙන ලෙස ඉල්ලමින් පාතාල කල්ලි නායක කංචිපානි ඉම්රාන් සිය ඥාතීන් හමුවේ හඬා වැටෙන බව පොලිස් බුද්ධි අංශ ආරංචි මාර්ග පවසනවා .

දැඩි ආරක්ෂාවක් යටතේ බන්ධනාගාරයේ රඳවා සිටින කන්ජිපානි ඉම්රාන් බැලීමට යන ඔහුගේ ඥාතීන්ට මේ බව කියමින් ඔවුන් ඉදිරියේ කුඩා දරුවකු ලෙස මොහු හඬා වැටෙන බවද එම ආරංචි මාර්ග පවසයි.

මෙරට පාතාලේ වර්තමාන ගෝඩ්ෆාදර් ලෙස හැඳින්වූ මාකඳුරේ මධූෂ් මාලිගාවත්තේ දී වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය යෑමෙන් පසු ඔහුගේ පාතාල කල්ලි මහමොලකරු ලෙස හැඳින්වූ කන්ජිපානි ඉම්රාන් දැඩි ලෙස භීතියට පත්ව සිටින බවද වාර්තා වේ .

වෙඩි ප්‍රහාරයට ලක්ව මාකඳුරේ මධූෂ් මිය යෑමේ සිද්ධිය වාර්තාවීමත් සමගම බන්ධනාගාර ගතකර සිටින මෙරට ප්‍රධාන පෙළේ පාතාල නායකයෙක් මෙන්ම මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවකු වන මොහු දැඩි භීතියට සහ කම්පනයට පත්ව සිටින බවට තොරතුරු බුද්ධි අංශ වෙත ලැබී තිබෙනවා .

 707 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply