තබුත්තේගම යෝදයා නොහොත් හේරත් බංඩා එකල අනුරාධපුර මැදි විදුහලේ අධ්‍යාපනය ලැබූ අයෙක්. වේලකට හාල් සේරුවක බත්කන අදික තරබාරු සිරුරක් තිබුණ මොහු චිත්‍රපටි කීපයක සුලු චරිත කිහිපයක් කරලා තියෙනවා.

වේලකට ඉදිආප්පනං 400 ක් පමණ මොහුට ආහාරය සඳහා අවශ්‍ය වෙනවලු. ශක්තිමත් යෝධයෙක් වුණු මොහුට ඒ කාලේ හෙන්ට්ලි සමාගමෙන් අඳින්න කමිස දුන් බවටත් වාර්තා වෙනවා

බොහෝ දෙනා පවසන්නේ දේශපාලකයො පොඩි ගානක් දීල රවටගෙන සෙනග ගෙන්නන උපක්රමයක් ලෙස වේදිකාවට අරං ගිහිං මොහුව විනාශ කළා කියලයි.

මුහුණු පොතේ තිබුණු සටහනක ඔහු ගැන ලියලා තිබුණේ මෙන්න මේ විදිහට..“මනුස්සයා ගෙන් දේශපාලුවෝ හොදට ප්‍රයෝජන අරන් අන්තිමට CTB එකෙ ජොබ් එකක් දීල තිබුනා කියල පත්තරේ තිබුනේ . නමුත් මනුස්සය ජොබ් එක කරගන්න බැරි වුනා “ යනුවෙනි.

පසු කාලයේ දියවැඩියාව නිසා කකුලකුත් කපලා අන්තිම කාලේ කිසිවෙකුත් ඔහුට සලකන්න ඉදලා නැහැ. මේ නිසා අවසන් කාලයේ දියවැඩියාව රෝගයෙන් මියගියා කියලා තමයි වාර්තා වෙන්නේ