රට තුළ වාර්තා වන සියලුම කොරෝනා ආසාදිතයන් රෝහල්ගත කළ යුතුද යන්න සම්බන්ධයෙන් නැවතත් සලකා බැලීමට අධ්‍යනය කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

වෛරස ව්‍යාප්තිය සලකා බලමින් මේ ගැන නැවත සලකා බැලීමට තීරණය කල බව වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසයි.

රෝහල්වල ධාරිතාව ඉක්මවා යමින් ඇති බවත් නිරෝධායන මධ්‍යස්ථාන ඉඩකඩ ඉක්මවා යමින් ඇති බවත් එම කරුණු සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවද ඔහු කියා සිටියේය.

ඒ අනුව රෝහල් ගත කිරීම කළ යුතු සහ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ යුතු පිරිස් වෙන්කොට තෝරා ගැනීමේ ක්‍රමවේදයක් ගැන සලකා බලන බව ද ඔහු පැවසීය.

මෙරට සම්පත් සීමිත වීම හේතුවෙන් ආසාධිතයන් ඉහළ ගියහොත් මරණ සංඛ්‍යාවද ඉහල යාමට හැකියාව ඇතැයි ද පැවසූ ඒ මහතා ඇතිව තිබෙන තත්ත්වය මත ජනතාව වගකීමෙන් යුතුව ක්‍රියා කිරීම අනිවාර්ය බවද අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here