පසුගිය විසි වෙනිදාවෙඩි හුවමාරුවකින් මාලිගාවත්ත ප්‍රදේශයේ දී ඝාතනයට ලක් වූ ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු සේම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ මාකඳුරේ මධූෂ් ගේ මරණය සම්බන්ධයෙන් මේ වනවිට විශාල කතාබහක් ඇතිව තිබෙනවා. මේ කතාබහ මැද්දේ යූ ටියුබ් නාලිකාවක් හා මදූෂ්ගේ අනියම් බිරිඳ කළ සාකච්ඡාවක් අප මෙසේ උපුටා ගත්තා.එම සාකච්ඡාවට මදුෂ්ගේ පුංචි අම්මා කෙනෙකු ද සහභාගි වී තිබුණා ..එහිදී ඔවුන් දෙදෙනා අදහස් දක්වා තිබුණේ මෙන්න මේ විදියට

ඔබ මධූෂ්ගේ අනියම් බිරිඳද?

අනියම් බිරිය කියලා තමයි හැමෝම මට කියන්නේ අවුරුදු දහඅටක් මධූෂ් එයාගේ පලවෙනි විවාහයේ වෙන්වෙලා ඉන්නේ. නීතිය හැටියට අවුරුදු හතක් එකට හිටියේ නැත්නම් කසාදයක් වලංගු වෙන්නෙත් නැහැ. 2014 හිරගෙදරින් එළියට ඇවිල්ල තමයි අපේ පවුලට සම්බන්ධ වුණේ එතකොට මගේ මහත්තයා කළු තුෂාර වැලිකඩදී වෙඩි තියලා මැරුවා. අවුරුදු දෙකකට පස්සේ තමයි මෙයාව මට හම්බ උනේ. සිරගෙදරින් නිදහස් වෙලා එයා ආවේ අපේ ගෙදරට. මධූෂ් ලක්ෂිත කියන නමින් ගුවන් තොටුපලෙන් යන්න බැරි හින්ද වෙන නමකින් පාස්පෝට් හදාගෙන රට ගියා.

කළු තුෂාර සහ මධූෂ් කාලයක් තිස්සේ අඳුරන අය ද?

එයාලට හැඳුනුම්කමක් තිබුණ නමුත් මම මධූෂ් කියන කෙනාව දන්නෙ නෑ.

ඔයා එයාව දන්නේ කොයි කාලේ ඉදන් ද?

මධුෂ් තමයි හිර ගෙදර ඉඳන් මට ෆෝන් එකෙන් කතා කළේ.

එතකොට තුෂාර මිය ගිහිල්ලා ද?

ඔව් මිය ගිහිල්ලා එතකොට එයා හිටියේ සීඅයිඩී එකේ එයා කිව්ව මේ අවස්ථාවේ මම හිටියත් නංගි මමත් මැරෙනවා කියලා. එයා මට සුදු නංගි කියලා කතා කරන්නේ මට කිව්වා මම මගේ ගෙදරත් එක්කත් සම්බන්ධයක් නෑ.. මට පුතෙක් ඉන්නවා මං කැමතියි ඔයාවයි පුතාවයි භාරගන්න කියලා. එතකොට මං එයාව දැකලවත් නෑ මං එයාව මුලින්ම දැක්කේ වාරියපොල උසාවියේදී මට එතෙන්ට කිව්වෙත් එතැන තුෂාර හින්දා මාව ගොඩක් අය අඳුරන නිසා ඊට පස්සෙ 2014 ඔක්තෝබර් අග එයා අපේ ගෙදර ආවා ආවට පස්සේ අම්මා කිව්වා ඔයාලා කැමති දෙයක් කරන්න කියලා.. එයා කිව්වේ මේ ඔක්කොම අතෑරලා මමත් රටකට ගිහින් ජීවත් වෙනවා කියලා එයාගේ අම්මයි මල්ලියි දෙන්නම නැතිවුන නිසා එයා කලකිරිලා හිටියේ ඒ නිසා එයා වෙන රටකට යනවා මාවයි ළමයව අරගෙන යන්න කැමැතියි කියලා තමයි එයා කිව්වේ

ඔයාට සහ තුෂාරට එක දරුවෙක් හිටියනේද? පුතෙක්ද දුවෙක්ද?

අවුරුදු අටයි පුතාට තුෂාර නැතිවෙනකොට ඊට පස්සේ තමයි අජිත් එරංග වර්ණකුලසූරිය කියන නමින් මධූෂ් මාව නීත්‍යානුකූල විදිහට කසාද බැන්දේ. මධූෂ් කියන නම තිබුනට අපි මෙහෙ ඉන්නේ නැති හින්දා ඒ නම භාවිත කළේ නැහැ. එහෙට ගිහින් ඉන්නකොට ඒ නම අදාල වෙන්නේ නැති නිසා පරණ නම පාවිච්චි කරේ නෑ. අපි නීත්‍යානුකූල විදිහට විවාහ වෙලා ඉන්නේ ඒ උනාට මෙතන මම මගේ කසාද හරි ඉදිරිපත් කරන්න වෙලා තියෙන්නෙ.. මොකද හැම තැනම මට කියන්නේ අනියම් බිරිඳ අනියම් බිරිද අනියම් බිරිද කියලා.. මම කවදාවත් මනුස්සයෙක්ගේ හොර ගෑනියෙක් නෙමෙයි.

මධූෂ්ගේ කලින් බිරිඳත් එක්ක සම්බන්ධකම් දැන් තියෙනවද?

අපි දෙන හරි යාලුවෝ අපි හරි සමගියෙන් ඉන්නේ බොඩි එක වුණත් අපි කඹුරුපිටියේ ගෙනියන්න හැදුවේ.. මැරෙන්න කලින් එයා කියල තියෙනව එයාගෙ අම්මයි මල්ලි ඉන්න තැන තමයි එයාව වල දාන්න ඕනේ කියලා.. ගමේ තියෙනවා පොදු සුසාන භූමිය එතන තමයි එයාව වල දාන්න කිව්වේ.. කොරෝනා ප්‍රශ්නය සහ ආරක්ෂාව දෙන්න බැරි හින්දයි මමත් අපේ ගෙදර තියාගෙන කැමති හින්දයි තමයි මෙහෙ තියාගත්තේ.

මධූෂ්ගේ පුංචි අම්මා මධූෂ් ගැන අහද්දි කියලා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්…

පොඩි කාලේ මධූෂ් දඩබ්බර චරිතයක් ද?

පොඩි කාලේ කොයි ළමයත් සෙල්ලම් කරන වයස දඩබ්බරකම් කරනවනේ.. ලොකු මිනිස්සුත් එක දඩබ්බරකම් කරලා නෑ

අම්මා තාත්තා දෙන්නම දැන් ජීවතුන් අතර නැද්ද ?

අම්මා 89 භීෂණ කාලයේදී නැතිවුණා එතකොට අවුරුදු දහයයි මදුෂ්ට තාත්තා 2017 මැරුනේ

සහෝදර සහෝදරියෝ කීදෙනෙක් හිටියද?

නංගි මල්ලි හිටියා.. මල්ලිව 2009 නාදුගල වේල්ලේ තියලා වෙඩි තියලා මැරුවා

කවුද මරලා දැම්මේ?

පොලිසිය කියලා තමයි අපි හිතන්නේ කඩේ ලඟ පත්තරයක් බල බල හිටිද්දී සුදු වෑන් එකෙන් ඇවිල්ල දාගෙන ගිහිල්ලා තියෙනවා අපට වටපිටාවෙන් ආරංචි ලැබුණා. අපි පොලිසියට ගියා තුනට විතර අපෙන් රෑ 7 වෙද්දි වත් කටඋත්තරයක් ලියා ගත්තේ නැහැ මධූෂ්පුතා එතකොට බන්ධනාගාර ගත වෙලා හිටියෙ ඝාතන සිද්ධි වලටයි මංකොල්ලකෑම් වලටයි

මධූෂ් ආශ්‍රය කරපු දේශපාලනඥයෝ උදව් ගත්ත අය හිටියද ඒ කාලේ?

අපේ ගෙදරට ඔය කියන කිසිම කෙනෙක් ආවෙ නෑ .. අනූ අටේදී තමයි විවාහය වෙලා කබුරුපිටියට ගියේ එතනින් පස්සේ තමයි ඔය කියන හැම වැරදි වැඩ කටම මෙයා සම්බන්ධ වෙලා තියෙන්නේ.. දරුවා නොකළ වරදකට තමයි මුලින්ම පොලිසියකට යන්න උනේ

නැවත්ත මධුෂ්ගේ බිරිඳ කතාබහට සම්බන්ධ වුණේ මෙන්න මේ විදිහට…

දිලිනි ඉස්සෙල්ලම ඩුබායිවලට ගියේ ඔයයි ඔයාගේ පුතයි?

නැහැ මුලින්ම ගියේ මධුෂ්

යැව්වෙ රිෆ්කාන් කියලා කෙනෙක්ද?

එහෙම කතාවක් තියෙනවා.. හැබැයි එක නම් මං හරියටම දන්නේ නැහැ ගිහිල්ලා ඊට පස්සේ මාවත් ගෙන්න ගත්තා මම තනියම ගියේ එතකොට පුතා මෙහේ ඉස්කෝලේ යනවා.. එහේ ගිය ගමන් අපට පුතාව ඉස්කෝලෙට දාන්න බැරි හින්දා තමයි මුලින්ම මම ගියේ.. මම දෙපාරක් තුන් පාරක් ලංකාවට ඇවිල්ලා ඊට පස්සේ හැමදේම හදාගෙන තමයි පුතාවත් අරගෙන ගියේ

මදූෂ්ගේ විවාහයක ඔයාට දුවෙක් ඉන්නවා ?

ඔව්

ඔයාගේ කලින් සැමියා කළු තුෂාර ඝාතනය වෙන්නේ වැලිකඩ බන්ධනාගාරයේදී එකොට ඇඟිල්ල දික් වෙනවා අයි.පි රංගජීවට.. රංගජීව ට වෙඩි තියනවා පිළියන්දල දී එතන දෙන්නෙක් මිය යනවා රංගජීවට බරපතළ තුවාල සිදුවෙනවා මේක ඔයා මධූෂ් ලව්වා කෙරෙව්වේ කියලා කතාවක් ගියා ඇත්තටම ඔයා පාතාලෙට සම්බන්ධයිද?

මම පාතාලෙට එහෙම කිසිම සම්බන්ධයක් නැහැ ..මගේ අප්පච්චි ඇවිල්ල හොඳම ව්‍යාපාරිකයෙක් මහරගම.. මං හොඳ ඉස්කෝලෙකට ගියේ මෙයත් එක්ක සම්බන්ධය ඇතිවෙලා ගෙදරින් විරුද්ධව තමයි මෙයත් එක්ක ගියේ තුෂාර මොන වැරදි වැඩේ කලත් කිසිම දෙයකට එයා මාව පොලඹව ගත්ත නෑ අඩුම මේ ගමේ තියෙන උසාවියකට වත් එයා මාව ගෙන්න ගත්තෙ නෑ..

ආදර විවාහයක්ද ඒක?

ඔව්

ඔයා එතකොට දන්නවද තුෂාර පාතාල සම්බන්ධව කටයුතු කළා කියලා?

මට එහෙම ලොකුවට තේරුමකුත් නැහැ ඒ දවස් වල එහෙම ලොකු සම්බන්ධයක් තිබුණේ

රංගජීවට එල්ල කළ ප්‍රහාරය ඔයාගේ සැමියා කළ දේට පලිය ගන්න කළ දෙයක්ද?

මට එහෙම අදාල තාවයක් නැහැ මොකද පලිය ගත්තා කියලා මගේ මහත්තයාගේ හුස්ම ටික වත් ආපහු එන්නේ නැහැනේ.. ඇහැට දැක්කෙ නෑ රංගජීව කරාද කියන්න.. හැබැයි මට මෙයාව දම්මල එයාව මරවල එයාවත් නැති කරගෙන මේ මනුස්සයත් නැති කර ගන්න උවමනාවක් තිබුණෙ නැහැ .. මේක පිටුපස තියෙන්නේ වෙනම සිද්ධියක්.. හැබැයි මේක හැබැයි මට කාවවත්ම මරන්න වුවමනාවක් තිබුණේ නැහැ..

ඩුබායිවල ගත කළ ජීවිතය කොහොමද?

අපි අහල තියෙන්නෙ මධූෂ් කියන්නේ ධන කුවේරයෙක් කියලා.. ර් තරු පන්තියේ හෝටලයක් තියෙනවා කියලා අපි අහලා තියෙනවා.. රන් මිණි මුතු වාහන අංගනයක්.. කෝටි ප්‍රකෝටි ගණන් දේපල තියෙනවා කියලා අහලා තියෙනවා මොකක්ද මේකෙ ඇත්ත කතාව?

එහෙම මොනවා හරි යෙනවනම් අපේ රජයෙන් මෙයාව එහෙට ගිහිල්ල අත්අඩංගුවට ගනිද්දී ඒගොල්ලොන්ට පුලුවන් එයාගේ නමින් මොනවද තියෙන්නෙ කියලා හොයලා බලන්න.. එයාට ඔය කියන තරම් කිසිම දේපලක් නැහැ..

ඉන්දියන් කාරයෙක් ඒ නමට කතා හෝටලයක් තියෙනවා කියන්නේ ඒක ඇත්තද?

හැබැයි මම නං ඇහැට දැකල නැහැ .. ගරාජ් එකක් තමයි එයා කරේ අපි හිටපු ගේත් අපි බද්දට හිටියේ ඒක අංගසම්පූර්ණ ගෙයක්

වෙහිකල් යාර්ඩ් එකක් එහෙම කරාද?

ඔයා බොරු

ඔයා මොකද්ද එහේ කළේ?

මම ගෙදර හිටිය මගේ දරුවොත් එක්ක.. ඔය කියන තරම් දෙයක් මම දැනුවත් එයාට කිසිම දෙයක් නැහැ..

ඔයා නොදැනුවත්ව මධූෂ්ට තිබුණා වෙන්න බැරිද?

මන් දන්නෑ.. මම දැනුවත්ව කිසි දෙයක් එයාට නැහැ..

ඔය ගෙදර එක වහලක් යට ඉන්න කොට මධූෂ් ඩුබායිවල ඉඳලා පතාල මෙහෙයුම් කළා, පුද්ගලයෝ මැරෙව්වා සමයං ව්ගේ අය ඝාතනය කළා, කුඩු ජාවාරම් ජාත්‍යන්තර වශයෙන් කළා …ඔයා මේ දෙවල් දැනගෙන හිටියද ?

මම දැනන් හිටියේ නැහැ අපේ ගෙදර එයාට තියෙනවා වෙනම පොඩි කාමරයක් එකේ තමයි එයාගේ කෝල් එකක් හරි ගන්න.. එයා පුදුම තාත්තා කෙනෙක් විනාඩි දහයෙන් දහය වගේ දුව බලන්න ඕන.. දුවට පුදුමාකාර විදියට ආදරෙයි.

ඔයාලට ප්‍රශ්න තිබුණද අන්තිම දවස් වෙනකම් ආර්ය සතුටෙන්ද?

අපි පදුම ආදරේකින් හිටියේ අපි එතරම් බැඳීමකින් හිටියේ කිසිම ප්‍රශ්නයක් තිබුණෙ නැහැ.. එයා කිව්වේ මට සුද්දි මට ලංකාවට ගියාම මොනවා වෙයිද දන්නේ නැහැ .. ඔයායි දුවයි හින්දා තමයි මට ලංකාවට යන්න බැරි කියලා

ඔයා එක්ක හිටිද්දී එයාට වෙන සම්බන්ධතා තිබුණේ නැද්ද?

එයා ගෙදරින් වත් එළියට යන පුද්ගලයෙක් නෙමෙයි ඇඳුමක් වුනත් ගේන්න යන්නේ මම විතරයි .

එයාව හඳුන්වන්නේ ප්‍රබල පාතාල සාමාජිකයෙක් කියලා ප්‍රබල මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයෙක් කියලා ඒ නිසා අතේ හොඳට සල්ලි ගැවසෙන්න ඇති?

ඔය කියන තරම් එයාට තිබුණේ නැහැ අපි නෑ සාමාන්‍ය විදිහට කාලා බීලා ඇඳලා හිටියේ..

එයා රහසිගත ජීවිතයක් ගත කළේ නැද්ද? එයා හැමදේම එළිපිට කළ කෙනෙක් කන්නේ සාමාන්‍ය කෑම පොල්සම්බෝල කරවල වගේ දේවල්

ප්‍රශ්න ඇති වුණේ දුවගේ බර්ත්නඩේ රකේදි නේද?උත්සවයට ලංකාවෙන්100 වගේ පිරිසක් ආවා නේද?

කඹුරුපිටියේ එයාගේ යාළුවෝ හතර දෙනෙක් හිටියා ඉස්කෝලෙ ගිය යාලුවෝ හතරදෙනයි, බාප්පයි පුංචි දරුවො දෙන්නයි තව අර සින්දු කියන අමල්ලයි විතරයි

ඒ ගොල්ලන්ට මධූෂ් ටිකට් දීලා ගෙන්න ගත්තද?

ටිකට් දීලා තමයි ගේන ගත්තේ

කවුද මේකේ ඔත්තු දෙන්නැත්තෙ?

අනු හතරදෙනයි හිටිය ගෑණු අනිත් 37 පිරිමි

ලංකාවේ කතාව ගියේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුෙම මේකෙ ඔත්තු දුන්නා කියලා?

හරියටම දන්නෑ හැබැයි ඒක ඔත්තුවක් වෙන්නත් ඕනේ කවුරු කරාද කියන එක ගැන අපිට තාම පැහැදිලි තාවයක් නැහැ..

එහිදී එයාලා බලන්න ඔයාලා ගියාද ?

මමයි මගේ පුංචි තමයි බලන්න ගියේ ..කංජිපානි ගේ නෝනත් හිටියා ඒගොල්ලො එයාලගේ බලනවා මම මගේ අයියෝ බලනවා.

කන්ජිපානි ඉම්රාන් නිතර ගෙදර යන එනවද? මුණගැහෙනවද?

එයාගේ ගේයි අපේ ගෙදරයි දෙක එක ළඟ තිබ්බේ..

ඒ දෙන්න වෙන කතාබහ කරන දේවල් ඔයා දන්නේ නැද්ද ?

අපි හරි සුහදයි හැබැයි කතාබහ කරන්න මොනවද කියලා මම දන්නේ නෑ

මධූෂ් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක්ද ?

මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නෑ හැබැයි මත්පැන් බියර් වගේ පොඩ්ඩක් එයා ගන්නවා.

මත්ද්‍රව්‍ය ගෙනත් තිබුණ ද මේ පාටියට?

මත්ද්‍රව්‍ය නිසා තමයි මේ ගොල්ලෝ අත්අඩංගුවට ගත්තේ එළියෙන් ආපු අය තමයි ඕවා අරගෙන ඇවිල්ල තියෙන්නේ මොකද ඒ රටේ ඕවා නැහැ..

කන්ජිපානි ඉම්රාන් වත් මත්ද්‍රව්‍ය සප්ලයි කරේ නැද්ද?

එහෙම දෙයක් තිබුණේ නැහැ

ලංකාවට එද්දි වත් කණට කරලා කිව්වේ නැද්ද මෙතන මේ දෙපළ තියෙනවා..මෙතැන මේ සල්ලි තියෙන වගේ දෙයක්?

නෑ එහෙම කිසිම දෙයක් කිව්වේ නැහැ

මෙහෙට ආවාම මදුෂ් බලන්න ගියාද? මොනවද එයා කිව්වේ

ඔව් බලන්න ගිය ගියහම කිව්වේ තව ටික කාලයක් ෙ මෙතැන තියාගෙන ඊට පස්සේ මාව රිමන්ඩ් කරයි අවුරුදු එකහමාරකින් විතර මට එළියට එන්න පුළුවන් කියලා..

ඔහුට තිබුණද එහෙම විශ්වාසයක්?

එයාට ඒ ගැන ලොකු විස්වාසයක් තිබුනා එයාට එලියට එන්න පුලුවන් වෙයි කියලා හිතාගෙන හිටියා.. මාස 18 වෙනකන් එළියට එන්න බලාගෙන හිටියේ

එයාව ආශ්‍රය කළ දේශපාලඥයේ කවුද? එයාගෙන් වැඩ ගත්සත අය එයාගෙන් සල්ලි ගත්ත අය කවුද?

මං දන්න තරමින් එහෙම දේශපාලඥයෙක් එයා ආස කරේ නැහැ

අවුරුදු එකහමාරක් තිස්සේ එයාගෙන් ප්‍රශ්න කරද්දි ඔයාට කිව්වද නැද්ද මෙන්න මෙයා ගැන මම මෙහෙම කිව්වා වගේ දේවල්?

කවදාවත් මට එහෙම කියලා නැහැ

සී අයිඩී එකෙන් එයාව මාරු කළාම එයා එයා බය වුණාද?

එයා බය වුණේ නැහැ.. අපි ඇත්තටම බය වුණා..

මේකට මාරු කළේ ඇයි කියලා ඔයා ඒයාගෙන් ඇහුවද ?

මධුෂ්ගේ ඔහු මං ඇහුවා කට උත්තර වගයක් තියෙනවා ගන්න ඒකයි මෙහෙට එන්න ඇත්තෙ කියලා කිව්වා ඉරිදට අපට හෙට එන්න කියලත් කිව්වා ඇඳුම් කෑමත් අරගෙන මමයි පුතාලා දෙන්නයි දුවයි ගියා බලන්න.. ලොකු මහත්තයත් කිව්වා කිසි ප්‍රශ්නයක් වෙන්න ඈ දැන් මධූෂ් පොත් අරවා මේවා කියවන්නේ මෙයා හොඳ මාර්ගයට එයි කියලා කිව්වා කිසි දේකට බය වෙන්න එපා කියලත් කිව්වා

අන්තිමට හම්බ වෙච්ච දවස කවද්ද?

පහුගිය 19 වෙනිදා

එයාට මොකක් හරි දැනිලා තිබුණා ද වෙනසක්?

එහෙම දෙයක් දැනිලා තිබුනේ නෑ මම හිතුවෙත් නෑ ඇත්තටම එයාට මෙහෙම දෙයක් වෙයි කියලා

මධූෂ් වෙලේසුදාගේ කණ්ඩායම් එක්ක සම්බන්ධකම් තියෙනවද ?

එයා එක තිබුණේ නැහැ

ඔයා හිතනවද මධූෂ් කට ඇරියොත් එළියට එන මොකක් හරි බරපතළ රහසක් එයා ළඟ තිබුණා කියලා? ඒක වලක්වන්න කාට හරි උවමනාවක් තිබුනා ඒ හින්දා මැරුවා කියලා?

සමහර වෙලාවට එහෙම වෙන්නත් පුළුවන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here