‘‘ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා රට හදයි කියන විශ්වාසය නිසා මගේ ඡන්දය හෘද සාක්ෂියට එකඟව මං පාවිච්චි කළා. මේ ගැන පක්‍ෂයෙන් මොන තීරණය ගත්තත් මට කමක් නෑ’ යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී ඩයනා ගමගේ මහත්මිය ‘දිවයින’ට ඊයේ (23 වැනිදා* පැවසුවාය.
 
 රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය පාවිච්චි කිරීම පිළිබඳව විමසා සිටි අවස්ථාවේ ඇය එසේ කියා සිටියාය.
 
 මෙහිදී තවදුරටත් කතාකළ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරිය මෙසේ ද කියා සිටියාය.
 
 මේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡුන්දය පාවිච්චි කළේ රජයෙන් කිසිදු ප‍්‍රතිලාභයක් අපේක්ෂාවෙන් නොවෙයි. හෘද සාක්ෂියට එකඟවයි මම මේ තීන්දුව ගත්තේ. පසුගිය ජනාධිපතිවරණයේදී වියදම් කළා මේ රටේ මහජනතාවගේ කෝටි ගාණක මුදල්. ජනාධිපති කෙනෙක් වශයෙන් රටක බලයක් තියෙන්න ඕනෑ රටක වැඩක් කරන්න. ජනාධිපති කෙනෙක් වශයෙන් රටක නාමිකව ඉඳලා වැඩක් මොකටද? මට විශ්වාසයක් තියෙනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට හදයි කියලා. මම හිතනවා එතුමා රට නිවැරදි තැනකට අරගෙන යයි කියලා. මම කාගේවත් වරදාන වරප‍්‍රසාද යටවුණේ නැහැ.
 
 අපි සමගි ජනබලවේගය හදනකොටත් කාගෙන්වත් වරදාන වරප‍්‍රසාද ගත්තේ නැහැ. රටක් හදන්න පුළුවන් කෙනෙකුටයි මම ඡන්දය භාවිතා කළේ.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here