20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය නොදීමට මේ රටේ හිටපු දුර්වලම හා අසාර්ථකම ජනාධිපතිවරයා වුවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට කොන්දක් තිබුණු බව සමගි ජන බලවේගය ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා සඳහන් කරයි.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ද ප්‍රශ්න තිබුණද ඔහු මුල් වී සම්මත කළ ව්‍යවස්ථාව වෙනුවෙන් පෙනී සිටීම අගය කළ යුතු බවද අත්තනායක මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන බරපතළකම මත ඊට පක්ෂව ඡන්දය දීමෙන් තමන් දේශපාලන අනාථභාවයට පත්වන බව මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනපතිවරයා තේරුම් ගෙන තිබුණු බවද අත්තනායක මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

තිස්ස අත්තනායක මහතා මෙම අදහස් පල කර තිබුණේ වෙබ් මාධ්‍ය සාකච්ඡාවකදීය .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here