පොලිස් බලප්‍රදේශ 44ක නිරෝධායන ඇඳිරි නීතිය

කොරෝනා වසංගත ව්‍යාප්තිය පාලනය කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව විසින් නිරෝධායන ඇඳිරිනීතිය 23 වන සිකුරාදා වන විට පොලිස් බලප්‍රදේශ 44ක් තුළ ක්‍රියාත්මක වන බව නීති දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහතා පැවැසීය.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම පොලිස් බලප්‍රදේශ වන බලප්‍රදේශ 33ක්ද කොළඹ උතුරෙහි බලප්‍රදේශ 5ක්ද කුලියාපිටියෙහි බලප්‍රදේශ 5ක් සහ වැල්ලම්පිටිය පොලිස් බලප්‍රදේශය තුළ නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරත් සමඟ පසුගිය 4 වැනිදා පැනවූ නිරෝධායන ඇඳිරි නීති සමය තුළ මේ දක්වා පුද්ගලයින් 850ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති අතර රථවාහනද 115ක්ද පොලිස් බාරයට ගෙන ඇති බව කී නියෝජ්‍ය පොලිස්පතිවරයා නිරෝධායන ඇඳිරිනීති පනවා ඇති ප්‍රදේශවලින් ගමන් ගන්නා රථවාහන කිසිදු ලෙසකින් එම ප්‍රදේශයන්හි නතර කිරීමද නොකළ යුතු බව සඳහන් කළේය.

එසේම ඉකුත් සතියක කාලය තුළ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසලට ආගිය අයවලුන් වෙත්නම් සෞඛ්‍ය අංශ දැනුවත්කොට වහා අවශ්‍ය සෞඛ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ඉල්ලා සිටියේය.

 142 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply