නරියෙක් ගෙදරටම ඇවිත් තරුණයකු සපාකයි

නිවසකට පැමිණි නරියකු විසින් තරුණයකුු සපා කෑ සිද්ධියක් මීවනපලාන කටුහේන ප‍්‍රදේශයෙන් පෙරේදා (21)වාර්තා විය.
 
 මෙසේ නරියකු විසින් සපා කෑමෙන් තුවාල ලබා ඇත්තේ මීවනපලාන කටුහේනේ පදිංචි හසිත හේෂාන් නමැති දහසය (16) හැවිරිදි තරුණයෙකි.
 
 නිවසේ ඇති කරන සුනඛයින් දෙදෙනා මිදුලේ පොරකන ශබ්දයක් ඇසී නිවස ඉදිරිපිටට පැමිණි මෙම තරුණයා ඒ පිළිබ`දව සොයා බැලීමේදී නරියකු පැමිණ මෙම සුනඛයින්ව සපාකන අයුරු දැක ඇති අතර ඒ සැණෙන් නිවසට ඇතුළට පැමිණි නරියා මෙම තරුණයාගේ් කකුල සපා කා පලා ගොස් ඇත.
 
 පසුව ගම්වාසීන් මහත් පරිශ‍්‍රමයක් දරා නරියාට පහර දී මරා දමා ඇති අතර වනජීවී නිලධාරීන් පැමිණ නරියාගේ හිස කොටස රැුගෙන ගොස් ඇත.
 
 පසුව මෙම තරුණයා හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජලභීතිකා එන්නත් සහ ප‍්‍රතිකාර ලබාදී රෝහලෙන් පිටත්කර යවා ඇත.
 
 මෙයට දින කිහිපයකට පෙරද මීවනපලාන ග‍්‍රාම නිලධාරී වසමේ නිවසකට පැමිණි නරියකු විසින් කුඩා දරුවකු සපා කෑමේ සිද්ධියක් වාර්තා වූ අතර එහිදී ද ගම්වාසීන් එක්ව පහර දී නරියා මරා දමා ඇත. තවද පසුගිය සතියක කාලසීමාව තුළදී හොරණ අවට ප‍්‍රදේශ රැුසකින්ම නරි සපාකෑම් වාර්තා වූ අතර එම කාලය තුළදී නරි 5 දෙනකු මිනිසුන් විසින් පහරදී මරා දමා ඇත.
 
 දිගින් දිගටම නරින් ගම්වැදීම නිසා දැඩි බියකින් පසුවන බැවින් මේ ස`දහා ස්ථිරසාර කඩිනම් විස`දුමක් ලබා දෙන්නැයි ගම්වාසීහු බලධාරීන්ගෙන් ඉල්ලති.

 223 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply