පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එක් අයකුට චෝදනා කිරීමට නොහැකි බවත් එම ප්‍රහාරය සිදු වුණේ සාමුහික ප්‍රයත්නයේ දුර්වල වීමක් හේතුවෙන් බවත් පාස්කු කොමිසම හමුවේ කියා සිටි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කොච්චිකඩේ දේවස්ථානය ආශ්‍රිතව ප්‍රහාරය වළක්වා ගැනීමට තරම් ප්‍රමාණවත් ආරක්ෂාවක් නොතිබූ බව ඊයේ (21) පාස්කු කොමිසම හමුවේ කියා සිටියේය.

“කොළඹ කොට්ඨාශය භාර ප්‍රධාන පොලිස් අධිකාරීවරයාගේ සිට ක්‍රියාත්මක වීමේ සහ තොරතුර පහළට බෙදාහැරීමේ සන්නිවේදනයේ දුර්වලතාවක් පැවති බව ප්‍රහාරයෙන් පසුව කළ සොයා බැලීමකදී අනාවරණය වුණා. ඔවුන් ඒ වන විට අවධානය යොමු කර සිටියේ සතිපතා සිදු කරන පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය වෙතයි.

මේ අතර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මධු ජයතිලක මහත්මිය යෝජනා කළේ සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම පොලිස්පතිවරයා ලෙස ඔබ යටතේ තිබියදීත් නිසියාකාරව ක්‍රියාමාර්ග ගෙන තිබුණා නම් මෙම ප්‍රහාරය වළක්වාගැනීමට හැකියාව තිබුණා නේද යන්නයි.

එය තරයේ ප්‍රතික්ෂේප කරන බව කියා සිටි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පැවසූයේ, මෙය සාමුහික ප්‍රයත්නයේ අසමත්විමක් බවයි. “It’s a system failure” යනුවෙන්ද පුජිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.