මාලිගාවත්තේදී සිදු වූ වෙඩි හුවමාරුවෙන් මියගිය මාකඳුරේ මධුෂ්ගේ දේහය මේ වන විට පමුණුව ප්‍රදේශයේ නිවසක තැන්පත් කර  ඇති අතර ඔහුගේ දේහය පිලිබද අවසන් කටයුතු අද(21) මහරගම ගොඩිගමුව සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව ඇත

 මධුෂ් ලක්ෂිතගේ විවාහක බිරිඳ විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ ඔහුගේ මළ සිරුර ඊයේ(20) හඳුනාගනු ලැබුණු අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් මාකඳුරේ මධූෂ්ගේ දේහය ඔහුගේ නිත්‍යානුකූල බිරිඳට ලබාදෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කරන ලදි.