NEGOMBO, SRI LANKA - APRIL 21 : Officials inspect the damaged St. Sebastian's Church after multiple explosions targeting churches and hotels across Sri Lanka on April 21, 2019 in Negombo, north of Colombo, Sri Lanka. At least 207 people were killed and hundreds of others wounded in multiple blasts that hit eight different locations -- including churches where Christians were marking Easter Sunday -- and 5-star hotels in commercial capital Colombo. (Photo by Chamila Karunarathne/Anadolu Agency/Getty Images)

සහරාන් හෂීම් බෝම්බ ප්‍රහාරයන් සැලසුම් කර තිබූ බවට ලද බුද්ධි තොරතුර සම්බන්ධයෙන් පසුගිය වසරේ අප්‍රේල් 11 වෙනිදා වනවිට 15,000කට ආසන්න පිරිසක් දැනුවත් වී සිටි බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ඊයේ (19) පාස්කු කොමිසම හමුවේ කියා සිටියේය.

ඒ මහතා මේ කරුණු කියා සිටියේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනීසිටින ජනාධිපති නීතිඥවරයාට නිලන්ත ජයවර්ධන මහතාගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළ අවස්ථාවේදී වන අතර අප්‍රෙල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා ඊයේ සාක්ෂි ලබා දුන්නේ 24 වෙනි දිනටය.

අපි නිතරම කිව්වා සහරාන්ගේ නම. උදාහරණයක් ගන්නම්. සිමියොන් කියන පුද්ගලය අපරාධයක් කරන්න යනකොට සිමියොන් ගහන්න යන බැංකු තියෙනවා. ඒ මේ බැංකුව. මේ බැංකුව කියන එකයි, සිමියොන් ළඟ තියෙන්නේ ගල්කටස් එකක්ද.. ටී56ක් ද කියන එකයි. නෙවෙයි ඔලුවට ගන්න ඕනේ. සිමියොන්ව හොයාගෙන අත්අඩංගුවට ගන්න එකයි වැදගත්. ඒකයි අපි සහරාන් ඉන්න තැන් ගැන කියනකොට සහරාන්. සහරාන්. සහරාන්. කියලා නම හැමතිස්සේම කිව්වේ. අපි ප්ලෑන් කළේ Master Mind Arrest කරන්න. මේ තොරතුර ගැන අප්‍රේල් 11 වෙනිදා වෙනකොට මේ රටේ 15,000ක් විතර දැනගෙන හිටියා. යනුවෙන් හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා කොමිසම හමුවේ කියා සිටියේය.

ඔබ බොහොම බරපතළ ප්‍රකාශයක් කළා අප්‍රේල් 11 වෙනකොට මේ ගැන 15,000ක් විතර දෙනා දැනගෙන හිටියා කියලා. වගකීමෙන් ද ඒක කිව්වේ යනුවෙන් මෙහිදි ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරුවරයා එහිදි විමසා සිටි අවස්ථාවේ නිලන්ත ජයවර්ධන මහතා කියා සිටියේ, ඔව් ස්වාමීනි. පොලිස්පති මේ කොමිසමේදි කිව්වා ඔහු මේ බුද්ධි තොරතුර රේන්ජ් හතරකට දුන්නා කියලා. එතනම බස්නාහිර පළාතේ නිලධාරින් 8,000ක් විතර ඉන්නවා. STF එකේ 5,000කට මෙහා ඉන්නවා. ඊළඟට ස්වාමීනි 20 වෙනිදා තානාපති කාර්‍යාලවලින් දැනගෙන හිටියා. මොකද මගෙන් ඇහුවා මේ තොරතුරට සම්බන්ධ එක තානාපති කාර්‍ය්ලයක් ‘මේ අපි එවපු එක නේද share වෙන්නේ’ කියලා. ඉතින් ස්වාමීනි එතකොට කීයක්ද. සහරානුත් දැනගෙන්න ඉන්න ඇති. අර පාර්ලිමේන්තුවෙ 225 දෙනාට යොමුකරලා තිබුණා. ඒගොල්ලන් නම් කියනවනේ දන්නැ කියලා. නමුත් ඒ අයගේ ආරක්ෂක අංශ දැනගෙන හිටියා. මෙහෙම බැලුවම 10,000ක් නෙවෙයි 15,000ක් විතර මේක දැනගෙන හිටියා ස්වාමීනි. එතකොට ඒ අය දැනගෙන ලංකාවේ තීරණ ගන්න ඕනේ සියලු දෙනා දන්නැ. ඕකනේ දැන් කියන්නේ. මේ රටේ මිනිස්සු මැරුණ එකේ මං වගකීම භාර ගන්නේ අප්‍රේල් 07 වෙනිදා වෙනකල් විතරයි. ඔය විදෙස් බුද්ධි සේවයට සහරාන් ගැන ඔක්කොම තොරතුරු දුන්නෙත් අපි. මටත් වඩා මේ අය ගැන මගේ නිලධාරින් තොරතුරු රැස්කරපු නිසා මම මගේ නිලධාරින් ගෙන්නලා විදෙස් බුද්ධි සේවා දැනුම්වත් කළා. රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ වුණ මම එතනදී translator වුණා. මේ රටේ වෙලා තියෙන්නේ විදෙස් රටකින් ආවොත් ඒක ලොකුයි. අපි කිව්වොත් පොඩියි. අනික අපි සහරාන් ගැන කියලා තිබුණේ 2016 ඉඳලා. මට තොරතුරු ලැබුණේ ප්‍රහාරය ගැන අප්‍රේල් 4. මං ඒක 5 වෙනිදා ලිඛිතව ගෙන්න ගත්තා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here