”මිනිසුන් මරපු දවස තමයි මුරලිට සතුටුම දවස” – වේදනාකාරි චෝදනාවට මුරලිගෙන් පිළිතුරු

දෙමළ ජනතාව ඝාතනය කෙරුණු රටක ක්‍රීඩකයකු වෙනුවෙන් සිනමාපටයක් නිර්මාණය කිරීමට තමන් එරෙහි වන බව පවසමින් මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කෙරෙන “800” සිනමාපටයට එරෙහිව ඉන්දීය පිරිස් විසින් පසුගිය දිනවල විරෝධයක් එල්ල කර තිබුණා.

ලොව බිහි වු විශිෂ්ටතම දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් එම විරෝධයට ප්‍රතිචාර දක්වමින් ඉන්දිය මාධ්‍ය වෙත ලිපියක් මඟින් පිළිුතුරු ලබා දී තිබුණා.

ඔහු ක්‍රිකට් පිටියේදී සහ පුද්ගලික ජීවිතයේදී මුහුණ දුන් සිදුවීම් පාදක කරගනිමින් “800” (එයිට් හන්ඩ්‍රඩ්) නම් මෙම දමිළ චිත්‍රපටය නිර්මාණය කිරීමට නියමිතව ඇති අතර එය දකුණු ඉන්දීය නිශ්පාදනයක් “800” සිනමා පටයේ විඩියෝවක් පසුගියදා එළි දැක්වීමත් සමඟ දකුණු ඉන්දියානු ජනතාව, දේශපාලනඥයින් සහ බොහෝ පිරිසක් මෙම චිත්‍රපටය නිර්මාණය කිරීමට එරෙහිව විරෝධය පළ කළා.

එම විරෝධයට පිළිතුරු ලෙස මුත්තයියා මුරලිදරන් පිළිතුරු ලබා දී තිබුණේ මෙන්න මේ විදිහට..

”ශ්‍රී ලංකාවේ 30 වසරක් පුරා පැවති යුද්ධය නිසා අපි පීඩාවට පත් වුණා. යුද්දෙන් වැඩිපුරම පීඩාවට පත් වුණේ ඉන්දියාවෙන් ආපු දෙමළ මිනිසුන්. යුද්දෙන් එන පීඩාව සහ වේදනාව මම හොඳටම දන්නවා. මේ වගේ තත්වයක ඉඳන් මම කොහොමද ක්‍රිකට් වාර්තා තිබ්බේ කියන එක තමයි මේ ෆිල්ම් එකට පාදක වෙලා තියෙන්නේ. මේක සමහරු දේශපාලනීකරණය කරන්න හදනවා. උදාහරණයක් විදියට 2009 තමයි මගේ ජීවිතේ සතුටුම අවුරුද්ද කියලා මම 2019දී කියපු කතාව දෙමළ මිනිසුන් මරපු දවස තමයි මුරලිට සතුටුම දවස කියලා සමහර අය ලියලා තියෙනවා. මම කිසිම දවසක අහිංසක ජීවිත මරණ එකට සහයෝගය දුන්නේත් නැහැ…දෙන්නේත් නැහැ… සමහර අය ඒගෝල්ලන්ගේ නොදැනුවත්කම නිසාත්, තවත් සමහර අය දේශපාලන හේතුමතත්, මම දෙමළ ජාතියට එරෙහි වුණ කෙනෙක් විදියට පෙන්වන එක මට වේදනාකාරියි.”
 

 1,103 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply