ගම්පහ දිස්ත්‍රික්කයේ පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් ආදායම් අහිමි වී පීඩාවට පත්ව සිටින ජනතාවට රුපියල් 5000ක දීමනාව ලබා දීමට රජය තීරණය කරයි.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ ඒ සඳහා රජය රුපියල් මිලියන 400ක් වෙන් කර ඇති බවය.
ලබන අඟහරුවාදා සිට එම දීමනාව ලබා දීමට නියමිතය.