රට තුළ නැවත වරක් මතුව ඇති දෙවන කොරෝනා රැල්ල, ඇතුළු කරුණු කාරණා කිහිපයක් පිළිබඳ හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම්, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක මහතා සමග සති අන්ත පුවත් පතක් කළ සාකච්ඡාවක් ඇසුරෙනි …
 

ප‍්‍රශ්නය – මේ වන විට දෙවන කොරෝනා රැල්ලක් රට තුළ මතු වී තිබෙනවා. පළමු වරට වඩා එය බරපතළ තත්ත්වයකුයි පෙනෙන්නට තිබෙන්නේ.
 
 පිළිතුර – ඔව්. දූපත් රාජ්‍යයක් වීම, නිදහස් සෞඛ්‍යයක් පැවතීම, සෞඛ්‍යය, ආරක්ෂක අංශ ඇතුළු සමස්ත ජනතාවගේ කැපකිරීම් නිසා පළමු කොරෝනා රැල්ල අප රටට පාලනය කරගන්න පුළුවන් වුණා. ඒ දිනවල මැතිවරණයක්ම පැවතීම නිසා රජය පැත්තෙන් අඩුපාඩු ගණනාවක් වුවත් ආණ්ඩුව කොරෝනා පිළිබඳව තදින් කටයුතු කළා.
 
 නමුත් ආණ්ඩුව පළමුවර ලබාගත් සාර්ථකත්වය නිසා අධිතක්සේරුව සිට දිගටම කටයුතු කළා. ආණ්ඩුව කොරෝනා මර්දනය අතින් ලෝකයේ දෙවෙනි තැන කිය කියා පම්පෝරි ගසමින් සිටියේ. එහි ප‍්‍රතිඵල තමයි මේ ලැබී තිබෙන්නේ. මේ නිසා නැවත වරක් මුළු රටම අනතුරේ වැටිලා. නමුත් විද්‍යාත්මක ක‍්‍රමවේදයකට හා අවංකව දෙවැනි කොරෝනා රැල්ලට ආණ්ඩුව මුහුණ දෙන බවක් අපට පේන්න නැහැ. එය එසේ වුවත් ආණ්ඩුවට හිතවත් ඇතැම් පිරිස් ආණ්ඩු බලය භාවිතා කර කොරෝනා වසංගතය සහ නිරෝධායන ක‍්‍රියාවලිය ඔවුන්ගේ ආදායම් උපයන කූට ව්‍යාපාරයක් බවට පත්කරගෙන තිබෙනවා.
 
 ප‍්‍රශ්නය – ඔබ එලෙස චෝදනා කරන්නේ කෙසේද?
 
 පිළිතුර – වෛරස හරණ (Sanitizer) ගෙන්වීම මහා පරිමාණයෙන් කරන්නේ ආණ්ඩුවට හිතවත් ව්‍යාපාරිකයෙක්. ඔහු එය නිෂ්පාදනය කිරීම යැයි කියා මේ වන විට මහා පරිමාණයෙන් එතනෝල් ගෙන්නනවා. ඒ වගේම යුද හමුදාව සිදු කරනවා යැයි කී නිරෝධායන ක‍්‍රියාවලිය අද සිදුකරන්නේ ආණ්ඩුවට හිතවත් කුප‍්‍රකට ව්‍යාපාරිකයෙක්. ඒ හරහා ඔහු විදෙස් රටවල සිට එන අපේ මිනිස්සුන්ගෙන් විශාල ධනයක් කොල්ලකමින් සිටිනවා. ඇත්තටම කොරෝනා ඇතැම් අයට හොඳ බිස්නස් එකක් වෙලා.
 
 බ‍්‍රැන්ඩික්ස් ආයතනය රටට විශාල රැකියා ප‍්‍රමාණයක් සහ විදේශ විනිමය ලබා දුන් ප‍්‍රධාන ව්‍යාපාරයක් බව ඇත්ත. හරි නම් ඒ වගේ ආයතනයක් අනිත් ආයතනවලටත් වඩා සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවේද අනුගමනය කළ යුතු වෙනවා. නමුත් මේ වන විට පෙනෙන තිබෙන දේ තමයි ඔවුන් නිරෝධායන සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස භාවිතා කර නොමැති බව. ඔවුන් රජයේ නිලධාරීන්ගේ ශක්තිය භාවිතා කර කර නිරෝධායන මාර්ගෝපදේශයන් තොරව තමන්ගේ ආයතනය පවත්වාගෙන ගොස් තිබෙනවා. ඒ වගේම විදේශ රටවල සිට පැමිණි පිරිස් නිරෝධායනය නොකර ගෙන්වා ගෙන තිබෙනවා.
 
 ප‍්‍රශ්නය – නමුත් එම ආයතනය සඳහන් කරන්නේ සියලූ මාර්ගෝපදේශයන් සහ සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රම ඔවුන් භාවිත කළ බවයි.
 
 පිළිතුර – මම ඔබට එක උදාහරණයක් කියන්නම්. කොරෝනා මර්දන කාර්ය සාධන බලකා ප‍්‍රධානී වන හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ සැප්තැම්බර් 23 වැනිදා සිට බ‍්‍රැන්ඩික්ස් ආයතනයේ සමග සම්බන්ධකම් පැවැත්වූ අය ඒ පිළිබඳව තොරතුරු ලබාදෙන්න කියලයි. එහි පළමු රෝගියා හමුවූයේ ඔක්තෝබර් මස 4 වැනිදා නම් සැප්තැම්බර් 23 වැනිදා සිට තොරතුරු ලබා ගත්තේ ඇයි..? ඔහු එසේ කියන්නේ සැප්තැම්බර් 22 වැනිදා ඉන්දියාවේ විශාකාපට්නම් සිට මත්තල වෙත ගුවන් යානයකින් පිරිසක් මෙහි පැමිණි බව දන්න නිසයි.
 
 ප‍්‍රශ්නය – නිරෝධායන නීති කඩන්නන්ට එරෙහිව කටයුතු කිරීම සඳහා ආණ්ඩුව ගැසට් පත‍්‍රයක් නිකුත් කර තිබෙනවා…
 
 පිළිතුර – නීති ක‍්‍රියාත්මක කිරීම සඳහා ගැසට් ගහන එක හොඳයි තමයි. නමුත් ඒ නීති සැමට එක සමාන වෙන්න ඕන. මුහුණු ආවරණය නොකරන පිරිස් අත්අඩංගුවට ගන්න ගැසට් ගහන ආණ්ඩුව විදෙස් රටවල සිට පැමිණ නිරෝධායනය මගහැරි පිරිස
 ගැන පරීක්ෂණ කරන්නේ නැහැ. මේ සියල්ල පිටුපස තිබෙන්නේ ධනය බලය ඉදිරියේ නීතිය ක‍්‍රියාත්මක නොවන කාරණයයි.
 
 මෙය නිවැරදි නොකර මේ වගේ පොකුරු මතුවෙන එක හෝ ඒවා ව්‍යාප්ත වන එක හෝ නතර කරන්න බැහැ. ආණ්ඩුවේ වැරදි පූර්වාදර්ශයක් නිසා සෞඛ්‍ය අංශ කෙරෙහි, ආරක්ෂක අංශ කෙරෙහි තිබූ ජනතා විශ්වාසය බිඳවැටිලා.
 
 ප‍්‍රශ්නය – මෙම තත්ත්වයට සෘජුව වගකියන්න ඕනේ කවුද.?
 
 පිළිතුර – ආණ්ඩුවේ සියලූම ප‍්‍රධානීන් ඊට වගකිව යුතුයි. කොරෝනා මර්දන කාර්ය සාධන බලකාය මේ ගැන ප‍්‍රකාශයක් කළ යුතුයි. ඔවුන්ට වැඩ කරන්න කවුරුන් හෝ බාධා කරනවා නම් ඒ බව ඔවුන් ප‍්‍රසිද්ධියේ රටට කිව යුතු වෙනවා.
 
 ප‍්‍රශ්නය – ඔබ කියන්නේ ආණ්ඩුවේ අධිතක්සේරුව රට ව්‍යසනයක් කරා රැගෙන ගොස් කියලද?
 
 පිළිතුර – ඇත්තටම මේ ආණ්ඩුවේ තිබුණෙ පම්පෝරි විතරයි. ඒ පම්පෝරි හැරෙන්න ප‍්‍රායෝගික දෙයක් වෙලා නැහැනේ. මේ රජය බලයට එන විට කිව්වේ රට වැඩබිමක් කරනවා කියලයි. නමුත් ඇත්තටම සිදුව තියෙන්නේ අප කරගෙන ගිය ව්‍යාපෘතීන් මේ ආණ්ඩුව නතර කිරීම පමණයි.
 
 ප‍්‍රශ්නය – ”ණය උගුල ගැස්සෙයි – වෙන්දේසිය ඇරඹෙයි” යනුවෙන් ඔබ පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ ලියමනක් ලියා පළ කළේ ඔය කියන කාරණය නිසා ද?
 
 පිළිතුර – ඇත්තටම ඔව්. වර්තමාන ජනාධිපතිතුමාත්, ආණඩුවත් බලයට ආවේ පසුගිය ආණ්ඩුව රටේ ආර්ථිකය එකතැන පල් කළා කියා චෝදනා කරමින්. එදා ජීවන වියදම ගැන වේදනාවන් ‘දැන් සැප ද’ ඇහුවා. මුඩුබිමක් වූ රට නැවත වැඩබිමක් කරනවා කිව්වා. ණය ප‍්‍රශ්නය ගැන ඇසූ විට සල්ලි හොයන හැටි අපි දන්නවා කිව්වා. රටේ ව්‍යාපාරික ප‍්‍රජාව, වෘත්තීයවේදීන් හා රාජ්‍ය නිලධාරීන් සාතිශය බහුතරයක් වත්මන් ආණ්ඩුවේ නායකයින්ගේ මේ ප‍්‍රකාශ විශ්වාස කළා.
 
 අධිවේගී මාර්ගය නිම කරනවා කිව්වා. කෙරවලපිටිය LNG බලාගාරය හදනවා කිව්වා. දුම්රිය මාර්ග, මහා මාර්ග, ගෙවල් හැදෙනව කිව්වම. නමුත් මාස 11 ක් ගතවෙලත් ඒ මුකුත් තවම නැහැ.
 
 ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ කෙරවලපිටියේ ඉදිකිරීමට ගිය ගෑස් බලාගාරය අවලංගු කර එය රජයට අයත් නොවන පුද්ගලික බලාගාරයක් (IPP) ලෙස ගොඩනැගීමට යෝජනා කර තියෙනවා .
 
 එමෙන්ම කොළඹ අගනගර භූගත විදුලිබල පද්ධති සැකසීමේ JICA ව්‍යාපෘතිය අවලංගු කර තිබෙනවා . පිටකොටුව – කඩුවෙල සැහැල්ලූ දුම්රිය පද්ධතිය තැනීමේ ව්‍යාපෘතියද අවලංගු කරලා. මරදාන – හෝමාගම ආසියානු සංවර්ධන බැංකුව යටතේ වූ
 ශීඝ‍්‍රගාමී දුම්රිය ද්විත්ව මංතීරු යෝජනාව ද අවලංගු කර තිබෙනවා.
 
 ඔය උදාහරණ කිහිපයක් පමණයි. ඔය වගේ ව්‍යාපෘති රැසක් වත්මන් ආණ්ඩුව නතර කර තිබෙනවා. ඒ වගේම භාණ්ඩාගාරයේ ලේකම් භාරයේ වන සමාගමක් තැනීමට කැබිනට් අනුමැතිය ගෙන තිබෙනවා. භාණ්ඩාගාරයට ගත නොහැකි – නැති අරමුදලක් භාණ්ඩාගාරයේ ලේකම්ගේ භාරයේ වූ සමාගමකට ලැබෙන්නේ කෙසේද? උත්තරය ඉතා පැහැදිලියි. ඒ කියන්නේ පුද්ගලික – රාජ්‍ය – ඒකාබද්ධ (Public Private Partnership) ක‍්‍රියාවලියක් මගින් ඒවා විදේශීය පුද්ගලික අංශයට ලබාදීමයි. එහිදී අනිවාර්යයෙන් එකී මාර්ගවලින් අය කරගන්නා මුදල්වලින් මාර්ගවල වියදම් සම්පාදනය කරගත නොහැකි වුවහොත් එකී හිඟය පියවීමට (Gap Finance) රජයට සිය දේපොළ බොහෝවිට ඉඩම් ලබාදීමට සිදුවනු ඇති. එනම් නාගරික සංවර්ධන අධිකාරිය යටතේ වූ ඉඩම් රාජ්‍ය- පුද්ගලික – ඒකාබද්ධ (PPP) ක‍්‍රමවේදයට විකිණීමේ ක‍්‍රියාවලියකට අවසර දීමයි. 2015-19 කාලයේ අපගේ සංවර්ධන ව්‍යාපෘති නිසා නව අගයක් ලබාගත් ඉඩම් විශාල ප‍්‍රමාණයක් බත්තරමුල්ල, බොරැල්ල, පිටකොටුව, බේරේවැව, පෑලියගොඩ, බ්ලූමැන්ඩල් ප‍්‍රදේශවල තිබෙනවා. මේ ඉලක්කය එකී ඉඩම් වෙන්දේසිය ඇරඹීම බව කියන්න ඕනා. ඇත්තටම රට වැඩබිමක් නොව මුඩුබිමක් කරලා තමයි මේ ආණ්ඩුව පස්ස බලන්නේ.
 
 ප‍්‍රශ්නය – කණු මතින් දිවෙන පිටකොටුව – කඩුවෙල සැහැල්ලූ දුම්රිය පද්ධතිය තැනීමේ ව්‍යාපෘතිය අසාර්ථක ව්‍යාපෘතියක් බව රජය ප‍්‍රකාශයට පත් කළා. ඒ සඳහා ඔවුන් කරුණු පහක් ඉදිරිපත් කළ තිබුණා.
 
 පිළිතුර – ඔය කරුණු පහ පට්ටපල් බොරු. බිම මතින් යන සැහැල්ලූ දුම්රිය සේවයක් තිබුණා කිව්වා. එහෙම එකක් තිබුණේ කොහෙද කියලා මං ඔය කියන කට්ටියගෙන් අහන්න කැමති. මෙහි වියදම වැඩියි කිව්වා. පරිසර විනාශ වෙනවා කිව්වා. ඔය සේරම පට්ටපල් බොරු.
 
 මෙහි මූලික වියදම ඩොලර් මිලියන 1374. එය දැන් ඩොලර් මිලියන 1000 ට අඩු වෙලා. මෙම ණය ගත්තේ සියයට දශම එකක ණයක් වශයෙන්. උපදේශන සේවාවල ණය ප‍්‍රමාණය සියයට දශම බින්දුවයි එකයි (0.01). සියයට 11 හේ ණය ගත්ත ආණ්ඩුවක නායකයන් සියයට දශම එකක ණය ට විරුද්ධ වීම අපට නම් හිතා ගන්න බැහැ. මම හිටියා නම් 2023 වෙනකොට ඔය කෝච්චියේ යනවා. අද එයට පහර දීලා එය වට්ටලා ඉවරයි.
 
 ප‍්‍රශ්නය – රාජ්‍ය තාන්ත‍්‍රිකයන් රටවල් හි සංචාරය කිරීම සාමාන්‍ය දෙයක් වුවත් මෑතක සිට අප රට කෙරෙහි බලවතුන් දැඩි අවධානයෙන් කටයුතු කරන බවක් පෙනෙන්නට ඇති කාරණයක්. ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ නොබෝ දිනකින් අප රට වෙත පැමිණෙන බවත් සඳහන්. මේ පිළිබඳව බොහෝ දෙනා සැක මුසු අදහස් පළ කරනවා.
 
 පිළිතුර – ඔහු මෙරටට එන්නේ එම්.සී.සී සහ සෝපා ගිවිසුම ගැන කතා කරන්නයි. මේ රජය බලයට පැමිණියේ එම්.සී.සී ගිවිසුම් ඉරා දමන බව කියලයි. අද ඒ ගැන කිසි කතාවක් නැහැ. පොම්පියෝ එන්නේ ගිවිසුම් අත්සන් කිරීමට බල කරන්නයි.
 
 ප‍්‍රශ්නය – ඔබ මේ කියන්නේ එම්සීසී සහ සෝපා ගිවිසුම ආණ්ඩුව ඉදිරියේ දී අත්සන් කරනවා යැයි කියලද…?
 
 පිළිතුර – පුළුවන්නං එසේ කරන්නේ නෑ කියලා ආණ්ඩුව ප‍්‍රකාශයක් කරන්න කියන්න. එම්සීසී බිල්ලා පෙන්නා බලයට පැමිණි ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට එය අත්සන් කරන්නේ නෑ කියලා දැන් කියන්න පුළුවන් කමක් නැහැ.
 
 මේ ආණ්ඩුව බලයට පැමිණියේ බොරු කෙබර වපුරලා. කේ.පී. අල්ලපු අපිට අර්ජුන මහේන්ද්‍රන් මොන කජ්ජක්ද කියල එදා ඇහුවා. අද අර්ජුන් මහේන්ද්‍ර ගැන කිසි කතාවක් නෑ. සහරාන්ලා පිටුපස සිටි ගෝඞ් ෆාදර්ලා අල්ලනවා කිව්වා. මාස 11 ක් ගතව ඇතත් අල්ලපු හරි ගෝඞ් ෆාදර් කෙනෙක් නැහැ. මේ ආණ්ඩුව බලයට ගේන්න කටයුතු කළ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, කතෝලික පූජ්‍ය ප‍්‍රසාදීන් සැමගේ විහිළුවකට සහ අප‍්‍රසාදයට අද මේ ආණ්ඩුව ලක් වෙලා ඉවරයි. ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ කියනවා වගේ මේ තරම් ඉක්මනට බිඳවැටී එය මතවාදීව හෙළිදරව්වූ ආණ්ඩුවක් තවත් නැහැ.
 
 ප‍්‍රශ්නය – ආණ්ඩුවේ මැති ඇමැතිවරුම පවා මේ වන ආණ්ඩුවට එරෙහිව යම් යම් ප‍්‍රකාශ නිකුත් කරනවා.
 
 පිළිතුර – ඔය කතා කරන හුඟදෙනෙක් බොරු වීරයන්. එසේ බොරුවට විවේචනය කළාට විසි වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඡන්දය දෙන්න තරම් ඔවුන් එඩිතර නැහැ. මේ වන විට මේ ආණ්ඩුවට ඡන්දය දුන් සිංහල බෞද්ධ ජනතාව ආණ්ඩුවෙන් ඉවත් වෙලා ඉවරයි. සහරාන්, අර්ජුන් මහේන්ද්‍රන්, එම්.සී.සී. පෙන්නා තමන්ව භයානක වංචාවක ලක් කළා කියලා රටේ ජනතාවට දැන් තේරිලා ඉවරයි. අපගේ ගරුතර ස්වාමීන් වහන්සේලා 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here