කොරෝනා දෙවැනි රැල්ල ඇති වුණේ ආණ්ඩුවේ නොසැලකිල්ල නිසා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ආණ්ඩුව අද වන විට මූලිකත්වය දී ඇත්තේ විසිවෙනි සංශෝධනයට බවත් ආණ්ඩුව කොරෝනා සමග සෙල්ලම් කරමින් සිටින බවත් ඔහු පෙන්වා දෙයි.

ඒ අනුව ආණ්ඩුව දේශපාලන බල අරගලය අතහැර වහාම ජනතාවට සහන සැපයිය යුතු බවත් පීඩාවට පත් අයට සහන ලබාදීමේ ක්‍රියාවලියකට වහා අවතීර්ණ විය යුතු බවත් හෙතෙම පෙන්වා.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව කියා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here