අත්අඩංගුවට ගන්න එපා -බදියුදීන්ගේ පෙත්සම 20 වනදා සලකා බැලේ
Spread the love
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම ලබන 20 වනදා සලකා බැලීමට අභියාචනාධිකරණය දින නියම කර තිබේ.
කුමුදුනී වික්‍රමසිංහ සහ සෝභිත රාජකරුණා යන මහත්ම මහත්මීන්ගේ සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම සලකා බැලීමට නියමිතය.
වැඩ බලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති එස්. පී. රණසිංහ, විමර්ශන සිදුකරන උප පොලිස් පරීක්ෂක ගාමිණී ඇතුළු හත් දෙනෙකු එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
+1