බෘෘනායි කියන්නේ  ලොව ධනවත්ම රාජ්‍යය ලෙස සැලකෙන මුස්ලිම් රාජ්‍යයක් . පසුගිදිනක බෘෘනායි රාජ්‍ය තුළ සමලිංගික සබඳතා පිළිබඳව නව නීතියක් පණවා තිබුණා.එනම් තම රට තුළ සමලිංගික හැසිරෙන පුද්ගලයන් ගල්ගසා මරණයට පත්කළ හැකි බවට පළි ගනිමින්. මෙම නීතියට විරුද්ධව දැඩි හඬක්  නැගෙන අතර ඇමෙරිකාවේ, ප්‍රංශයේ, ඉතාලියේ සහ බ්‍රිතාන්‍යයේ පිහිටි බෘෘනායි නායකයා වන සුල්තාන්වරයාට අයත් සුපිරි හෝටල්  වර්ජනය කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත්වී තිබේ.

මෙම හෝටල් ඉදිරිපිට පසුගියදා බෘෘනායි නව නීතියට එරෙහිව උද්ඝෝෂණ පැවැත්විණි. මෙම නීතියට අනුව පිරිමින්ට ගල්ගසා මරන අතර කාන්තාවක් සමලිංගික සබඳතාවක් පවත්වා හසුවුවහොත් වේවැල් පහර හතළිහක් හෝ වසර දහයක සිර දඬුවමක් ලැබෙනු ඇත.
මෙම නීති සම්බන්ධයෙන් කතා කරන සුල්තාන්වරයා පවසන්නේ දෙවියන්ගේ අනින් කෙරුණු නීති ලෙස ඒවා සලකන බවය. මෙහිදී මානව හිමිකම් සංවිධාන සමලිංගිකයන්ට පමණක් නොව එරට සුළුතරයක් වන ක්‍රිස්තියානි හා බෞද්ධ ප්‍රජාවටද දන්වා ඇත්තේ මින් ඉදිරියට කල්පනාකාරිව ජීවත්වන ලෙසටය. ආගමට අපහාසකිරීම සම්බන්ධයෙන් පනවා ඇති නව නීතිවලට අනුව වෙනත් ආගමිකයන්ටද දඬුවම් දිමට ඉඩ ඇති බව ඔව්හු පෙන්වා දෙති.

කෙනෙකුගේ නම හෝ ස්ත්‍රී පුරුෂ බව නීතිමය ලියැවිල්ලක වෙනස් කිරීමට බෘෘනායි රාජ්‍යයේ නීතියෙන් ඉඩ නොලැබෙන අතර ලිංගිකත්වය වෙනස්කර ගැනීමේ ශල්‍යකර්මයන්ද එරටදි තහනම්ය. 2015 වසරේදී කාන්තාවක ලෙස ඇඳපැළඳගෙන සිටිමේ “වරදට” එරට පුද්ගලයෙකුට බෘෘනායි ඩොලර් දහසක දඩයක් ගෙවීමට අධිකරණයෙන් නියමවිය.

මීට පෙරවුවද සමලිංගිකයන් සම්බන්ධයෙන් අඩුම අයිතිවාසිකම් ඇති හා වැඩිම පීඩනයක් එල්ලවන ආසියානු රට ලෙසද බෘෘනායි සැලකිනි. නව නීතිය සම්බන්ධයෙන් ලොව පුරා නැගෙන විරෝධයට ඔවුන්ගේ ප්‍රතිචාරය වී ඇත්තේ එය වෙනස් නොකරන බවය. මෙවැනි තත්ත්වයක් යටතේ වුවද 2015 වසරේ සිට සමාජ මාධ්‍ය හරහා සමලිංගිකත්වය ඇතුළු එරට මූලික මිනිස් අයිතින් රැකගැනීමේ ව්‍යාපෘතියක් පැතිරිණි. 2016 වසරේදි ඔවුන් සම්මේලනයක්ද පැවැත්වු අතර එය මානව හිමිකම් සම්බන්ධයෙන් එරට පැවති පළමු ජාත්‍යන්තර සම්මේලනය විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here