පාස්කු ප්‍රහාරයට පෙර වනාතවිල්ලුව අවි ගබඩා සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් මුස්ලිම් අන්තවාදීන් සිව් දෙනාගෙන් දෙදෙනකු නිදහස් කිරීමට තම අස්සන යෙදූවේ ඒ සම්බන්ධයෙන් වාර්තාව ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කෙරෙහි තිබූ විශ්වාසයෙන් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (14) පාස්කු කොමිසම හමුවේ පවසා තිබේ.

 ඔවුන් සම්බන්ධයෙන් විමර්ශන කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. ඔවුන් එවන වාර්තා ගැන විශ්වාසයක් මත තමා අත්සන් කෙළ්. යනුවෙන් පැවසූ හිටපු ජනාධිපති වරයා කිසි දිනෙක ඔවුන් ත්‍රස්තවාදින් බව දැන සිටියේ නම් තම අත්සන නොතබන බවයි.

ය.