තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලීම සඳහා නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොණු කර තිබේ.

 පසුගිය ජනාධිපතිවරණ සමයේ මැතිවරණ නීති කඩ කිරීමේ චෝදනාවකට අදාළව ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් පෙරේදා දිනයේදී පොලිසියට උපදෙස් ලබාදී ඇත.. 

පසුගිය ජනාධිපතිවරණයේදී අවතැන්වූවන් පිරිසක් ඡන්ද මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය කිරීමෙන් මැතිවරණ නීති කඩ කල බවට රිෂාඩ් බදියුදීන් මහතා ඇතුලු 03 දෙනෙකුට එරෙහිව චෝදනා එල්ල වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here