‘කොළඹ දිස්ත්‍රික්කයේ ආසාදිතයන් 160ක්, තව දුරටත් ඉහල ගියොත් බරපතල තත්වයක්’ – වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් 160 දෙනකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි. මොවුන් මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්තශාලාව ආශ්‍රිතව ඇති වී තිබුණ කොරෝනා පොකුරට සම්බන්ධ ආසාදිතයන් බවත් ඔහු පෙන්වා දෙයි. ඔහු මේ බව පැවසා ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් තව දුරටත් හමු වුවහොත් තවදුරටත් පැතිරීමේ අවදානම වැඩි බවද ඔහු සඳහන් කරයි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන රෝගීන්ගේ ආශ්‍රිතයන් සහ ගැවසුන ස්ථාන මේ වන විට හඳුනාගෙන ඇති බවත් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයන් ගණන තව දුරටත් ඉහල ගියොත් ඉදිරියේදී දුෂ්කර තත්වයක් මතුවිය හැකි බවත් ඔහු තවදුරටත් කියා සිටි.

 694 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply