ජනාධිපතිවරණය අවසන්ය රටට ආදරය කරන පිල රට වනසන පිල පරදා අති විශිෂ්ඨ ජයක් ලබා හමාරය. පුතානෝ සිය පියානෝ විකුණා එජාප පාක්ෂිකයින් රවටන්නට උත්සාහ කල නමුත් අවසානයේ සිදුවුයේ රට සහ ජාතිය බේරා ගන්නට සිය පක්ෂය දිනවීම පසෙක දැමු එජාප පාක්ෂිකයින් බහුතරයක් පොහොට්ටුවට කතිරය ගසා ගෝඨාභය හා රට විජයග්‍රහණය කරවීමය. මේ අන්ත පරාජයට පාර කැපු පුතානෝගේ මඩ කැම්පේන් ඔස්තාර්ලාගේ කෙරුවාව හෙළි කිරීම පසුවට තබමින් අප මේ හෙළිකරන්නට යන්නේ පරාජයේ විලි වසා ගැනීමට පුතනෝ ගැසූ තවත් කුජීත ගේමක් රට හමුවේ තැබීමටය.

පරාජිත සජිත් ප්‍රේමදාස සහ කණ්ඩායම මේ වනවිට ඉතාම අන්ත සරණ අඩියකට වැටි ඇති අතර ජනතාවගේ අනුකම්පාව දිනාගැනීමට අලුතින් කැම්පේන් එකක් පටන් ගෙන ඇති බව දකින්නට තිබේ. කෙසේ වෙතත් සජිත් මේ සුදානම් වන්නේ එක්සත් ජාතික පක්ෂය නැත්තට නැතිකොට පාක්ෂිකයා අනාත කොට දමන්නටය. එම මෙහෙයුම පිටුපස සිටින්නේ එජාපයට එහෙන් මෙහෙන් පැන්න දේශපාලන අනාතයින් පිරිසක් වන මංගල, රාජිත, පාඨලී යන දේශපාලකයින් බවටයි වාර්තා පලවන්නේ. මේ පිරිස සුදානම් වන්නේ පරාජයේ වගකීම සම්පුර්ණයෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, රවී කරුණානායක ආදී පිරිස පිටට බැර කොට සුදනන් වීමටය. එහි පළමු පියවර ලෙස ගෝඨාබය රාජපක්ෂ ජනාධිපතිවරයා දිවුරුම් දීමේ උත්සවයට එජාප කුලී කරුවන් පිරිසක් යවා සිදුකල කලබගැනිය සඳහන් කල හැකිය. එම පිරිස යවා ඇත්තේ රාජිත සේනාරත්න බව තහවුරු වන්නේ එහිදී කෑ ගැසූ එක කාන්තාවක් රණවිරැ බිරිඳක් ලෙස රාජිතගේ මැතිවරණ මඩ ව්‍යාපාරයේ සිටි බවට හෙළිදරව් වීම නිසාය.

තම නොහැකියාව හා පරාජය අනුන් පිටට පටවන්නට යන මේ නල්ලමලේ සෙට් එකම තමන්ගේ ආසනයවත් දිනාගන්නට බැරි වූ බව අමතක වෙලාය. සජිත් සිය ආසනයේ ලැබූ අඩුම චන්ද ප්‍රමාණය ලබා ගන්නා විට රාජිත හා පාඨලී මෙන්ම මංගලද සිය ආසන අන්ත ලෙස පරාද වී ඇත. මේ පරාජිතයින් පිරිස එක්සත් ජාතික පක්ෂය කඩාගෙන වෙනත් පක්ෂයක් හෝ සංවිධානයක් අටවාගන්නට රහසිගත කුමන්ත්‍රණයක් කරන බවට විශ්වාස කටයුතු ආරංචිමාර්ග හෙළි කරමින් තිබේ. සජිත් දේශපාලන අන්කුරන්ගේ කතාවට රැවටී එජාපය හා පාක්ෂිකයා අනාත කරන මේ කුජිත ගේම එජාපයට ආදරේ පාක්ෂිකයින්ට අප හෙළි කරන්නේ දේශපාලන අනත්යින්ගෙන් පක්ෂය ආරක්ෂා කරගන්නා ලෙස දැනුම් දෙමිනි. රටකට ශක්තිමත් ආණ්ඩුවක් සේම ශක්තිමත් විපක්ෂයක්ද තිබිය යුතු බව අප තරයේ විශ්වාස කරන්නෙමු. එබැවින් එජාපය රැක ගැනීම පක්සිකයින්ගේ වගකීමකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here